රුසියාවට එරෙහිව සිටගන්න – ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසක් දන්වයි

Date:

රුසියාව විසින් යුක්රේන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන යුදමය ආක්‍රමණයට සෘජුව විරෝධය පළ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

කොළඹ සිටින, අදාල රටවල් නියෝජනය කරන තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් මෙම ඉල්ලීම ඇතුළත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව මෙන්ම ජාත්‍යන්තර නීතිය අනුවද රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නීත්‍යනුකූල නොවන හා බලහත්කාරී ක්‍රියාවක් ලෙස සැළකිය හැකි බව පෙන්වා දෙන අදාල රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ ඊට එරෙහිව වාචික සහයෝගය ලබාදෙන ලෙසයි.

මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙ, මහා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ජපානය, රොමේනියාව, ස්විට්සර්ලන්තය යන රටවල සහ යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් විසිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...

වරුවක් ඇතුළත වෙඩිතැබීම් 4ක් !

ගත වූ පැය 12ක කාලයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්...

Dearo Agri, රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ සමග එක් වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල...

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...