තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !

Date:

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෑත කාලසීමාව තුළ වසා දැමීමට සිදුවන්නේ තෙවැනි වරටයි. මීට පෙර අවස්ථා දෙකකදී බොරතෙල් සංචිත අවසන් වීම නිසා තෙල් පිරිපහදුවේ කටයුතු අඩාල විය.

නැවත බොරතෙල් තොග ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාව ප්‍රකාශ කර නොමැති අතර ඒ අනුව තෙල් පිරිපහදුව වසා දමන්නේ දින නියමයකින් තොරවයි.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා පවසන්නේ දිගින් දිගටම මෙසේ තෙල් පිරිපහදුවේ කටයුතු අඩාල වීම බරපතල තත්වයක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...