වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහායි.
රාමනායක මහතා අද පෙරවරුවේ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන්නේ ඔහුට නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතු බවයි.
ඒ අනුව ඔහු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණය යටතේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරනවා.
UN