ඉන්ධන පෝලිමක සිටියදී තවත් පුද්ගලයෙකු මිය යයි

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඇදවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකිනි.

මියගොස් තිබෙන්නේ මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටින 71 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

මෙම පුද්ගලයා පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී හදිසියේ ඇදවැටී තිබෙනවා. ඉන් අනතුරුව අවට සිටි පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් ඔහුව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඊයේ දිනයේදී මහනුවර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින්ද මෙවැනිම ආකාරයේ මරණයක් වාර්තා විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...