ආණ්ඩුවේ අර්බුද විසඳගන්න මේ ට්‍රයි එක, හිරිවැටුණු පාලකයන් එක්ක මොන සර්ව පාක්ෂික සමුළුද ? – ජවිපෙ

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද මේ බව පැවසීය.

රටේ ජනතාව දැවැන්ත ගැටලු ගණනාවක් හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටිද්දී එම අර්බුද විසඳීමට කිසිදු උත්සාහයක් නොගන්නා පාලකයන් මෙවැනි කිසිදු වැඩකට නැති ක්‍රියාමාර්ග ගන්නා බවයි අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ. මේ උත්සාහ කරන්නේ ජනතාවගේ අර්බුද විසඳීමට නොව ආණ්ඩුවේ අර්බුද විසඳා ගැනීමට බවත්, ඒ නිසා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමෙන් රටට හෝ ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

අමාත්‍යවරුන් දෙදෙනෙකු කැබිනට් මණ්ඩලයේ නොරපා හැරීමත් සමග මේ වනවිට ආණ්ඩුව තුළ අර්බුද ගණනාවක් මතුව ඇති බවත්, සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා හෝ එම අර්බුද වසා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරනවා.

අවම වශයෙන් ආණ්ඩුව තුළ සිටින පාර්ශ්වවල යෝජනා හෝ ගණන් නොගෙන හිතුවක්කාරී පාලනයක් ගෙනයන ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් හරහා විප්කෂ දේශපාලන කණ්ඩායම් ලබාදෙන යෝජනා සැළකිල්ලට ගනු ඇතැයි කිසිසේතම විස්වාස කළ නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරන්නේ.

රටේ ආර්ථිකය අන්තයටම පිරිහිදී තිබෙද්දී අර්බුදයේ ගැඹුර සහ පළල පිළිබඳව රටට හෙළි කරන්නැයි දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ඊට කන්දීමට හෝ වත්මන් පාලකයන් සූදානම් නොවන බවත්, එවැනි තත්වයක් තුළ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා විප්කෂයේද අදහස් යෝජනා ලබාගෙන ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද විසඳනු ඇතැයි අපේක්ෂා නොකරන බවත් අනුර දිසානායක මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...