ජනතා කැමැත්ත හරවන්න බැහැ – තුර්කිය පුරා රජයට එරෙහි විරෝධතා!

Date:

කොළඹ LNW:තුර්කියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ඉස්තාන්බූල් නගරාධිපති එක්‍රෙම් ඉමාමොග්ලු අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා තබාගැනීමට විරෝධය පළකරමින් එරට විරෝධතා මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රජයට අභියෝගයක්ව සිටින නගරාධිපතිවරයා මෙලෙස පොලිස් භාරයේ රඳවා ගෙන සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

ජනාධිපති තයීප් එර්ඩෝගන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා ලෙස නැගී එන ඉස්තාන්බූල් නගරාධිපතිවරයා මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ දූෂණ සහ ත්‍රස්තවාදී කණ්ඩායමකට ආධාර කිරීම ඇතුළු චෝදනා එල්ල කරමිනි.

රිපබ්ලිකන් මහජන පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරයා වටා මේ වන විට විශාල මහජන ඒකරාශී වීමක් පෙන්නුම් කරමින් තිබෙන අතර එරට පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා උත්සන්න වෙමින් පවතින බව දැක්වෙයි.

නගරාධිපතිවරයාට සහය දක්වමින් විරෝධතාවට එක්ව සිටි පුද්ගලයෙක් මාධ්‍යයට පවසා තිබුණේ “ජාතියේ කැමැත්තෙන් 2019 සිට ඡන්ද පෙට්ටියේදී එර්ඩෝගන්ට හතර වතාවක් පහර දුන් ඉමාමොග්ලුට එරෙහිව ඔවුන් දැන් කුමන්ත්‍රණයක් පවත්වමින් සිටිති.” යනුවෙනි.

2019 සහ 2024 දී ඉමාමොග්ලු රිපබ්ලිකන් මහජන පක්ෂය නියෝජනය කරමින් ප්‍රධාන නගර බොහොමයක නාගරික මැතිවරණ ජයග්‍රහණය කරමින් ජනාධිපති එර්ඩෝගන්ගේ අනාගත පරාජය සනිටුහන් අක්රමින් සිටි බවයි.

ඒ අනුව නගරාධිපතිවරයාට එරෙහිව අසත්‍ය චෝදනා ඉදිරිපත් කර තිබෙන බවටයි විරෝධතාකරුවන් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...

දුරගමන් සේවා බස් රථ සහ පෞද්ගලික බස්රථ සඳහා AI කැමරා පද්ධති!

රෂිකා හෙන්නායක අගෝස්තු 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ගමනාගමන...