හිටපු ඇමති කෙහෙළියගේ ඉල්ලීම විසිවෙයි!

කොළඹ LNW: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්‍රකාශ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත් බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිව හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල තැන්පත් කර තිබෙන පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමද මේ යටතේ තහනමට ගෙන තිබෙන අතර එම ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහුගේ නීතිඥවරු ඉල්ලා තිබුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...