කට්ටි පැන්න දේශබන්දුට වෙච්ච දේ දැක්කනේ. මහින්ද මහත්තයටත් විජේරාමෙන් යන්නම වෙනවා!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ළඟදීම විජේරාම නිවසින් යාමට සිදුවනු ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වෙත නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”දේශබන්දුත් කට්ටි පැන පැන හිටියනේ දවස් 20ක් විතර. අන්තිමට ඇවිල්ලා භාරවෙන්න සිද්ධ වුණා. ඒවගේම මහින්ද රාජපක්ෂටත් අපි හිතනවා ඒගොල්ලෝ මේ රටේ ජනතාවට ආදරය කරනවා නම් රට ගැන යම් හෝ කැක්කුමක් තියෙනවනම් මේ විදිහට ජනතාවගේ බදු මුදලින් මාසෙකට ලක්ෂ 46ක් වැනි කුලියක් ගෙවිය යුතු නිවසක මහින්ද මහත්තයයි ශිරන්ති නෝනයි දෙන්නා තනිවම පදිංචිවෙලා ඉන්න එක සාධාරණ නැහැ. යුක්ති සහගත නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔවුන් ජනතාව ගැන හිතන පාලකයෝ නම්,හිතපු පාලකයෝ නම් ජනතාවගේ වුවමනාවන් අනුව කටයුතු කරාවී කියල.”

ඒ අනුව ඔවුන්ට අනිවාර්යයෙන් එම නිවසින් යාමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...