සෞඛ්‍ය අමාත්‍යාංශයේ භූතයා CIDයට කොටුවෙයි !

Date:

සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ වසර 10ක් තිස්සේ විවිධ කටයුතුවල නියැළුණු අමුතුම තාලේ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුවී ඇති බව වාර්තා වේ.

කිසිදු ආකාරයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයකු හෝ වෙනත් ආකාරකින් අමාත්‍යාංශයට සම්බන්ධ පුද්ගලයෙකු හෝ නොවන මොහු නිරන්තරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රය තුළ සැරිසරන්නෙකු වන අතර එහි සෑම අංශයකටම යෑමට ඒමට හැකියාව ඇති අයෙකි. ඒ හැකියාව කොතරම් බලගතුද යත් ඔහුට වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුවලට පවා ප්‍රවේශය තිබී ඇති බව සඳහන්. ඒ සම්බන්ධකම් හරහා ඔහුට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පවා වෙනස් කරවීමේ බලයක් තිබී ඇති බව කියැවේ.

මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව CID නිලධාරීන් කණ්ඩායමක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් ඇත. ඒ වනවිටත් අදාළ පුද්ගලයා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ සිට ඇත. ඔහු එතරම්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ගැවසෙන්නෙකි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් මේ පුද්ගලයාව CID නිලධාරීන්ට පෙන්වා ඇති අතර CID නිලධාරීන් ඔහුව එම ස්ථානයේම රඳවාගෙන පැය තුනක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ. ඉන් අනතුරුව අවශ්‍ය වුවහොත් ඔහුව නැවතත් CIDයට කැඳවන බව පවසමින් ඔහුව මුදාහැරීමට එම නිලධාරීන් කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙසේ ප්‍රශ්න කර ඇත්තේ මොහොමඩ් නසාර් නිස්මතුල්ලා නමැති අයෙකුගෙන් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් CIDයෙන් අප කළ විමසීමකදී එහි නිලධාරියෙකු අප වෙත සඳහන් කළේ මෙම පුද්ගලයාව වැඩිදුර විමර්ශන සඳහා නැවතත් කැඳවීමට නියමිත බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...