රෂිකා හෙන්නායක මාර්තු 20, කොළඹ LNW :
හංවැල්ල පොලිසිය විසින් ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අලෙවි කිරීමේ අරමුණින් වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ඉන්ධන තොගය බූලි සහ බැරල් 40ක පමණ බහා තිබූ බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හංවැල්ල පොලිසිය විසින් දැනටමත් ආරම්භ කර ඇත.



