නිශ්මං රණසිංහ ,මාර්තු 20, කොළඹ LNW:
මාර්තු 20 මේ සටහන තැබෙන මොහොතේ පෝලන්තයේ Kujawsko-Pomorska Arena Toruń ගෘහස්ථ ක්‍රීඩාංගණය රටවල් 118 ක මලල ක්‍රීඩා පරිපාලන ඒකක විසින් නම් කර එවා ඇති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 674 දෙනෙකු ඒ ඒ ඉසව් වෙනුවෙන් තරග වැදීම ආරම්භ කර තිබෙනවා.එහිදී කාන්තා උස පැනීමේ ලෝක වාර්තාලාභිණිය වන යරොස්ලාවා මහුචික් මීටර් 2.01 දක්ෂතායක් දක්වමින් එහි රන් පදක්කම හිමි කර ගත්තා.මෙහිදී වැදගත්ම සිඳුවීම වූයේ තරගයේ තියුණු බව විසින් ඉසව්ව සඳහා ලෝකඩ පදක්කමක් නැති කරමින් රිදී පදක්කම් තුනක්ම හිමි වීමට තරම් සම දස්කම් පෑමයි.එකම ආකාරයට මීටර් 1.99 දක්වා පැමිණි යුක්රේනයේම යුලියා ලිවිචෙන්කෝ,ඔස්ට්‍රේලියාවේ නිකොල් ඔලිස්ලාගර්ස් සහ සර්බියාවේ ඇන්ජලීනා ටොපික් ඒ ආකාරයට රිදි පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
මෙම තරගාවලියට ක්‍රීඩිකාවන්ට ඉසව් 13 ක් සහ ක්‍රීඩකයන්ට ඉසව් 13 ක් ඇතුළත් වෙනවා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපිරිසම සමාන ඉසව් නියෝජනය කළත් එක් ඉසව්වකදී වෙනසක් සිඳුවෙනවා.
ගෘහස්ත ක්‍රීඩා තරගයක දී තරග පැවත්වෙන බිමේ ඉඩට සාපේක්ෂව යම් යම් තරගවල වෙනස්කම් සිඳු වෙනවා.මීටර් 200 ධාවන පථයක් බැවින් දුර දිවීමේ ඉසව් යම් ප්‍රමාණයක් අඩු කරන අතරේම,විශාල දුරක් වීසි කිරීම් සිඳුවන හෙල්ල සහ කවපෙත්තද මේ තරගයට ඇතුළත් වන්නේ නැහැ.මේ කාරණා නිසා පිරිමි ඉසව්වක් ලෙස ගෘහස්ත ක්‍රීඩා උළෙලකට ඇතුළත් වන්නේ දස ප්‍රයාම ඉසව්ව වෙනුවට සත් ප්‍රයාම ඉසව්වයි.සාමාන්‍ය පරිදි කාන්තාවන්ට පැවත්වෙන සත් ප්‍රයාම ඉසව්ව වෙනුවට මෙම ක්‍රීඩා උළෙලේදී ඇතුළත් වන්නේ පංච ප්‍රයාම කාන්තා ඉසව්වයි.
එසේම මිටර් 200 ක ධාවන පථයක් ඇතුළත යම් හුරුබුහුටි ලක්ෂන සහිත ක්‍රීඩාංගණයේ මීටර් 100 වැනි ඉසව්වක් ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ.එය සිඳුවන්නේ වක්‍ර ධාවන පථයක නොවන බැවින් මෙම ක්‍රීඩාංගණවල එසේ සෘජු මංතීරුවල දීවීමට හැකියාව ලැබෙන්නේ මීටර් 60 තරග ඉසව්වයි.එසේම පිරිමි මීටර් 110 කඩුලු ඉසව්ව සහ කාන්තා මීටර් 100 කඩුලු ඉසව් ද නොපැවත්වෙන අතර ඒ වෙනුවට මීටර් 60 කඩුලු දිවීම සිඳු වෙනවා.වට දෙකක කඩුලු පෙළ ගැස්වීම මීටර් 400 කඩුලු ඉසව්ව වෙනුවෙන් ද කළ නොහැකි නිසා එම ඉසව්වද මෙම තරගාවලියට අයත් වන්නේ නැහැ.
ලෝකයේ මලල ක්‍රීඩාවේ වෙනම සංස්කෘතික අනන්‍යතාවයන් සහිත මීටර් 200 ධාවන පථයක් පදනම් කරගෙන ධාවන තරග සිඳු කෙරෙන මෙම ක්‍රීඩා උළෙල දෙස මේ මොහොත වන විට ලෝකයම බලා සිටිනවා.ඒ ලෝකයේ සිටින මෙම තරගාවලියේ පැවත්වෙන ඉසව්වලට අදාළ හොඳම දක්ෂයන් මේ තරගාවලියේදී එකිනෙකා ගැටෙන නිසයි.





