2015 සිට මේ දක්වාම රටේ සිදුවෙමින් පවතින්නේ දේශපාලන සුලිසුලඟක් – චරිත කියයි.

Date:

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනය පාතාලකරණයට, පාදඩකරණයට සහ මදාවිකරණයට ගෙනියන්න උදව් කලේ හම්බන්තොටින් නායකයෝ මෙහාට ආවට පස්සේ. දැන් මේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මුලු රටටම දේශපාලනය එපා වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිසයි. මහාචාර්ය චරිත හේරත් තමන්ගේ සංවිධානය යටතේ තිබෙන පොල්ගහවෙල ආසනයේ දැවැන්ත රැලියක් අමතමින් කියයි.

2015 සිට මේ දක්වාම රටේ සිදුවෙමින් පවතින්නේ දේශපාලන සුලිසුලඟක්. 2015 මෛත්‍රීපාලට ජන්දය දුන්න මැද පංතියේ අයත් 2019 ගෝඨාභය යට ජන්දය දුන්නු වෘත්තීය පංතියේ අයත් 2022 ගෝඨාභයව එලවන්න පාරට ආපු තරුණ පංතියේ අයත් පෙන්නුම් කරන්නේ මේ දේශපාලන දිය සුලියේ තත්වයයි. මේක තේරුම් ගත යුතුයි. මේ රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් ඉන්නේ. ඒක වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්ෂිණාංශික දේශපාලනයවත් රාජපක්ෂ මහත්වරුන්ගේ පවුල්වාදී දේශපාලනයවත් වෙනත් අය ඉදිරිපත් කරන රොමෑන්තික විප්ලවවාදයවත් නොවන බව මම කියන්නේ. මේ නව දේශපාලන ආමන්ත්‍රණයට අපි සූදානම් ද කියන ප්‍රශ්නයයි අද අපි ඉදිරියේ තියෙන්නේ”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේ වෙනසක් ?

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි...

ඩේසි ආච්චිගේ රෝගී තත්වයන් ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...