රනිල්ගේ තීන්දුව මොකක් වුණත් අපි ඕනෙම එකකට ලෑස්තියි. අපට ඕනෙ තරම් අපේක්ෂකයො ඉන්නවා – මහින්ද

Date:

ජනාධිපතිවරණයක් හෝ මැතිවරණයක් හෝ එන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අපේ මැයි දිනය පිළිබඳව සාකච්ඡා කළා. පක්ෂයේ කටයුතු ඉදිරියේදී කරන්නෙ කොයි ආකාරයෙන්ද කියලා ඒ ගැනත් පොඩ්ඩක් සාකච්ඡා කළා”

ප්‍රශ්නය – පිට්ටනියක් තෝරාගත්තාද මැයි දින රැළිය තියන්න ?

“අපට දෙන ඕනෙම ග්‍රවුන්ඩ් එකක අපි වැඩේ කරනවා. ගිය පාර කැම්බල් එකේනෙ”

ප්‍රශ්නය – ලොකු ග්‍රවුන්ඩ් එකක් ගන්නවද ?

“ඔව්, ඔව්. පුළුවන් තරම් ලොකු ග්‍රවුන්ඩ් එකක් ගන්නවා. ගෝල්ෆේස් එක දෙන්නෑ නෙ. ගෝල්ෆේස් එක පුරවන්නත් අපට හැකියි”

ප්‍රශ්නය – මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද එන්නෙ කියලා ඔබතුමාලා සාකච්ඡා වුණාද ?

“නෑ, අපි ඒ ගැන සාකච්ඡා වුණේ නෑ. අපි නෙවෙයිනෙ තීන්දු කරන්නෙ. තීන්දු කරන එක්කෙනා මොන තීන්දුව ගත්තත් අපි ලෑස්තියි ඒ ඕනෙ තීන්දුවකට”

ප්‍රශ්නය – එතකොට කවුද දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නෙ කියලා කතාවුණාද අද ?

“ඒ ගැන අපි තාම සාකච්ඡා කළේ නෑ. අපිට ඉන්නවා ඕනෙ තරම් අපේක්ෂකයො. ජනාධිපති අපේක්ෂකත්වයට ඕනෙ තරම් ඉන්නවා සුදුස්සෝ”

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහතා පහුගියද දවස්වල ප්‍රකාශයක් කළාය කියලා කතාවක් ගියා රනිල් වික්‍රමසිංහ මහත්තයාය කියලා. ඒක බොරුවක් වෙන්න ඇතිද ?

“බොරුවක් වෙන්න ඇති මං හිතන්නෙ. අපි තාම තීන්දුවක් අරන් නෑ”

ප්‍රශ්නය – ඔබතුමාලා ප්‍රමාදයි කියලා සමහරු කියනවා අපේක්ෂකයා නම් කරන්න ?

“ප්‍රමාද නෑ. වෙලාවට දුන්නාම ඇති හරියට”

ප්‍රශ්නය – ජනාධිපතිවරණයක් එනවා, සූදානම් වෙන්න කියලා ජනාධිපතිවරයා දැනුම්දීලා තිබුණා කියනවා ?

“අපට නම් එහෙම දන්වලා නෑ. නමුත් අපි සූදානම්. ජනාධිපතිවරණයක්ද, මහමැතිවරණයක්ද, ඒ දෙකටම අපි සූදානම්”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...