‘අගමැති වීමට මම තවදුරටත් හොඳම පුද්ගලයා නොවේ’ – අයර්ලන්ත අගමැති ඉල්ලා අස් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අයර්ලන්ත අගමැති ලියෝ වරඩ්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

පුද්ගලික හා දේශපාලන හේතූන් මත තමා ඉල්ලා අස්වන බවත්, තවදුරටත් අගමැතිධුරය සඳහා තමා හොඳම පුද්ගලයා නොවන බවත්, අයර්ලන්තය විරැකියාවෙන් පූර්ණ රැකියාවක් දක්වා, අයවැය හිඟයේ සිට අයවැය අතිරික්තය දක්වා, කප්පාදුවේ සිට සමෘද්ධිය දක්වා තමන් නායකත්වය දුන් බවත්, සිය පාලන කාලය තුළ ළමා අයිතිවාසිකම්, LGBT ප්‍රජාව, කාන්තාවන් සඳහා සමානාත්මතාවය සහ ඔවුන්ගේ ශාරීරික ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් අප රට වඩාත් සමාන හා නවීන ස්ථානයක් බවට පත් කර තිබීම ගැන තමන් ආඩම්බර වන බවත් හෙතෙම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

2017 වසරේදී සිය 38 වියේදී අයර්ලන්තයේ ලාබාලතම අගමැති බවට පත් වූ ලියෝ මේ වන විට ෆියානා ෆයිල් සහ හරිත පක්ෂය සමඟ ඩබ්ලින්හි සභාග රජයට නායකත්වය ලබා දෙමින් සිටියි.

නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා බදාදා සවස Fine Gael ජාතික විධායක හදිසි රැස්වීමක් පවත්වා තිබු අතර මේ කරණයට දින 18 හෝ 19 ගතවනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...