ඇන්ටනි බ්ලින්කන් යළි මැද පෙරදිගට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යළි මැද පෙරදිගට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ සෞදි අරාබියෙන් සංචාරය ආරම්භ කළ ඔහු අද ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී මැද පෙරදිග කලාපයේ විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. 

විදෙස් වාර්තාවල සඳහන් වූයේ, අදාළ සාකච්ඡා සඳහා, පලස්තීන නියෝජිතයින් ද සහභාගී වනු ඇති බවයි.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීම සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා අමෙරිකාව, සහ කටාර් රාජ්‍යය, ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් මැදිහත්කරුවන් ලෙස පෙනී සිටින බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...