කථානායකට ඡන්දය දෙන්න බන්දුල ඇමරිකාවේ සිට කැඳවයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21, කොළඹ (LNW):පසුගිය 17 වෙනිදා ලෝක බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් සංවිධාන කළ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා තමන් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා, කථානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දීම සඳහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දීමක් සිදු කර ඇතැයි පැවසීම හේතුවෙන් තමන් මෙසේ ආපසු පැමිණි බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් සහභාගී වීමට තිබූ සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත බලතල පවරා මෙසේ තමන් ආපසු පැමිණි බවයි.

ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වන කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත්, එතුමා පසුගිය අරගලය අවස්ථාවේදී තීරණාත්මක වගකීමක් ඉටු කළ පුද්ගලයකු බවත් අමාත්‍යවරයා එහි දී පැවැසීය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, රට එම අවස්ථාවේ වෙනත් දිශානතියකට හා මහත් විනාශයකට යාමෙන් වළකා එතුමා දූරදර්ශීව රටත් පාර්ලිමේන්තුවත් බේරා ගැනීමට පරිනත දේශපාලනඥයකු වශයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉටු කළ සේවය අගය කර, කෘතවේදිත්වයේ ඡන්දය ලබා දීම සඳහා තමන් ඇතුළු රජයේ වගකීම වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...