67 හැවිරිදි දකුණු අප්‍රිකාවේ කථානායක Nosiviwe Mapisa ට අල්ලස් චෝදනා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහසක අල්ලසක් ගත් බවට වාර්තා වූ තොරතුරු මත දකුණු අප්‍රිකාවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඒ පිළිබඳ සාක්ෂි සොයා එරට කථානායකගේ ජොහැන්නස්බර්ග් නුවර පිහිටි නිවෙසේ පැය 5ක සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම වැටලීම සිදු කර ඇත්තේ එරට කථානායිකාව වන 67 හැවිරිදිNosiviwe Mapisa මීට පෙර ආරක්ෂක ඇමැතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී ආරක්ෂක කටයුතු කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා එක්තරා පුද්ගලයකුගෙන් එම මුදල ලබා ගෙන ඇතැයි පසුගියදා දකුණු අප්‍රිකානු පුවත්පතක් හෙළි කිරීම හේතුවෙනි.

වසර 2016 සහ 2019 අතර කාලයේදී එම අල්ලස් ගනුදෙනුව සිදුවී ඇතැයි ද, ගමන් මලු කිහිපයක අසුරා එම මුදල ඇය වෙත ලබා දී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ තත්ත්වය මත පෙරේදා පැවති දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු සැසියේදී මුලසුන දැරීමට ඇය නුසුදුස්සකු බවට මැතිඇමැතිවරු රැසක් ජනාධිපති සිරිල් රැම්පොසාට දැනුම් දී තිබූ බවත්, ඒ අනුව නියෝජ්‍ය කථානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිය පැවති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...