*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

පක්ෂ රැසක් ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන ලකුණු – සජබ තීරණය හෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව 23 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට ආරාධනා කර තිබෙනවා.

කෙසේ නමුත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබෙනවා. සමුළුව වර්ජනය කරන බව ජාතික ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

එම පක්ෂ 11 කණ්ඩායමෙන් සමුළුවට සහභාගිවීමට තීරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා අතුරලියේ රතන හිමි පමණි. ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව වේලාසනම ප්‍රකාශ කළ අතර ඔවුන් අනුව යමින් සෙසු පක්ෂද සමුළුව වර්ජනය කිරීමට තීරණය කළේය.

කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන සමගි ජන බලවේගය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා හෙට දිනයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇති අතර එහිදී අවසන් තීරණය ගන්නා බවයි වාර්තා වන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan