සර්ව පාක්ෂික සමුළුවෙන් ආණ්ඩුව ශක්තිමත් කිරීමක් වෙන්නේ නැහැ – මෛත්‍රී

Date:

සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමෙන් ආණ්ඩුවට විශේෂ සහයෝගයක් ලබාදීම අදහස් නොවන නමුත් මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින දැඩි පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සියලු දේශපාලන නායකයින්ගේ වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

එයට සහභාගී නොවීමට තීරණය කර ඇති අය සම්බන්ධයෙන්, එම ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් කතා කළ නොහැකි වුවත් මෙම සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් වන හෙයින් එයට පැමිණ තම තමන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

”සර්ව සමුළුවෙන් අදහස් කරන්නේ ආණ්ඩුවට විශේෂ සහයක් දීම නෙවෙයි. ආණ්ඩුව ශක්තිමත් කිරීම නෙවෙයි අපි බලාපොරොත්තුව. රටේ මිනිස්සු පත්වෙලා තිබෙන භයානක තත්ත්වයෙන් ගොඩගන්න සියලු දේශපාලන නායකයින් තමන්ගේ වගකීමක් සහ යුතුකමක් ඉටුකිරීමක් විදිහටයි මම ඒක දකින්නේ. සමහර අය කැමැත්තෙන් එන බව ආරංචියි. සමහර අය එන්නේ නැහැ කියල ආරංචියි. ඒක එකඑක්කෙනාගේ ප්‍රතිපත්තීන්. ඒකට අපිට මුකුත් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රජයට යෝජනා කරපු මේ අවස්ථාවට පැමිණිලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා මේ දැඩි පීඩාකාරී තත්ත්වයට පත්වෙලා ඉන්න ජනතාව එයින් මුදවා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් කරගන්න එක මේසයකට එන්න. එකට වාඩි වෙන්න සාකච්ජා කරන්න කියල.”

හිටපු ජනාධිපතිවරයා අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...