දේශබන්දු දුම්බර බන්ධනාගාරයට රැගෙන යයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 21, කොළඹ (LNW):

අප්‍රේල් මස 03 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ රාත්‍රියේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වේ.

ඊයේ රාත්‍රි 11 පමණ වන විට ඔහු එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙන්නේ , මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ සිට විශේෂ ආරක්‍ෂාවක් යටතේ බව සඳහන් වේ.

බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ, දුම්බර බන්ධනාගාරයේ මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක උඩුමහලේ වෙනම සිර මැදිරියක දේශබන්දු තෙන්නකෝන් මහතා රඳවා ඇති බවයි .

තව දුරටත් බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කළේ ,එම උඩුමහලේ සිරමැදිරිය තුළ 08 දෙනෙකු පමණ රැඳවිය හැකි අතර, මේ වන විට එහි රඳවා සිටින්නේ ඔහු පමණක් බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...