වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ සෙසු සැකරුවන් 06ත් අධිකරණයට භාර වෙයි!

Date:

කොළඹ LNW:2023 දෙසැම්බර් 31 වැලිගම පැලෑන ප්‍රදේශයේ ව 15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු තවත් සැකකරුවන් 6ක් අද (21) මෝසමක් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවට අදාළව නියෝගයක් නිකුත් කළේ එම සිද්ධියට අදාළව සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකරුවන් 08ක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

එම නියෝගයට අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වූ අතර ඔහු එම නියෝගයෙන් දින 20කට පසු පසුගිය 19 වැනිදා අධිකරණයට භාර විය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ අතර ඔහු එළඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

උක්ත සිදුවීමට අදාළව වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු ඇප මත නිදහස් විය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගුව භාරයේ රඳවා ඇති BYD වාහන ගැන ගත් අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

කොළඹ LNW: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු...

සබරගමුවේ හිටපු මහ ඇමතිත් කොටුවෙන හැඩ!

කොළඹ LNW: 2014 - 2017 කාලයේ සබරගමුව පළාත් මහ...