චීනය පොහොර අපනයනය සීමා කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
චීනය සිය දේශීය වෙළඳපොළ ආරක්ෂා කර ගැනීම සඳහා පොහොර අපනයනය කිරීම සීමා කරමින් සිටින බව වාර්තා වේ.

චීනය ලෝකයේ විශාලතම පොහොර අපනයනකරුවකු වන අතර ඔවුන් මේවන විට නයිට්‍රජන්-පොටෑසියම් පොහොර මිශ්‍රණ සහ ඇතැම් පොස්පේට් වර්ග අපනයනය කිරීම සම්පුර්ණයෙන්ම අපනයනය නවතා දමා ඇති අතර ඔවුන් පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 13 කට වඩා වටිනා පොහොර නැව්ගත කර ඇත.

පසුගිය වසරේ චීනය බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ තායිලන්තය ඔවුන්ගේ පොහොර ආනයනයෙන් පහෙන් එකක් පමණ යැවූ අතර එම අගය මැලේසියාව සහ නවසීලන්තය සඳහා තුනෙන් එකක් වූ බව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන දත්ත වලට අනුව වාර්තා වේ. ඉන්දියාව සඳහා, එහි වෙළඳ දත්තවලට අනුව එය 16% ක් පමණ විය. චීන රේගු දත්ත පිළිබඳ රොයිටර් විශ්ලේෂණයකට අනුව, එම අපනයනවලින් අඩක් සහ 80% අතර ප්‍රමාණයක් දැන් සීමා කර ඇත.

ශාක වර්ධනයට සහ බෝග අස්වැන්න සඳහා පොහොර අත්‍යවශ්‍ය වන අතර යුද්ධයෙන් අවහිර වූ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන පොහොර නැව්ගත කිරීම සැපයුමෙන් තුනෙන් එකක් පමණ වේ. මෙම අපනයන සීමාව ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ඇති වූ හිඟයන් සමඟ දැනටමත් පොරබදමින් සිටි ගෝලීය වෙළඳපොළවල් මත අමතර පීඩනයක් වනු ඇත.