ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබියදී ලොම්බියානු ජනපති ඇමරිකානු මත්ද්‍රව්‍ය විමර්ශනයකට හිරවෙයි!

රෂිකා හෙන්නායක මාර්තු 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු රජයේ නීතිඥයන් විසින් කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින බව කියන සම්බන්ධතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පරීක්ෂණ මගින් ඔහුගේ 2022 මැතිවරණ ව්‍යාපාරය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගත්තේ දැයි සොයා බලන නමුත්, ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙලෙස පරීක්ෂණ වාර්තා පළවන්නේ කොලොම්බියාවේ ඉදිරි ජනාධිපතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී වන අතර, මෙය එරට දේශපාලනයට ඇමරිකාව සිදුකරන බලපෑමක් ලෙස ඇතැම් විශ්ලේෂකයෝ සලකති.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පෙට්‍රෝ අතර පවතින නොසන්සුන්කාරී සබඳතාවය මෙන්ම, ලතින් ඇමරිකානු කලාපය තුළ ඇමරිකාව ක්‍රියාත්මක කරන දැඩි මත්ද්‍රව්‍ය විරෝධී පිළිවෙත මෙහිදී ප්‍රධාන වශයෙන් ඉස්මතු වේ.

මෙම තත්ත්වය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට සහ කොලොම්බියාවේ අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද විද්වත්හු පැහැදිලි කරයි.