නිශ්මං රණසිංහ ,මාර්තු 21, කොළඹ LNW:
පෝලන්තයේ ක්‍රියාත්මක ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේදී පිරිමි මීටර් 60 ඉසව්ව ජය ගනිමින් ගෘහස්ත පිටියේ වේගවත්ම ක්‍රීඩකයා වීමට 22 හැවිරිදි ඇමෙරිකාවේ ජෝර්ඩන් අන්තනී සමත් වුණා.මේ වසරේ ගෘහස්ත තරගාවලි තුළ වාර්තා වුණු හොදම කාලය ද එහිදී වාර්තා කළ ඇන්තනී ඉසව්ව තත්පර 6.41 න් නිමා කරන්නට සමත් වුණා.ඇන්තනී එම ඉසව්ව ජය ගැනීමත් සමඟ ඇමෙරිකානු මලල ක්‍රීඩා ආධිපත්‍යය රැක ගනිමින් තරගාවලියේ පළමු දින නිමාවේ දී පදක්කම් සටහනේ පෙරමුණ ගන්නටත් ඇමෙරිකාවට හැකි වෙනවා.ඒ රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟින්.
ඇමෙරිකාව දිනා ගත් අනෙක් රන් පදක්කමේ හිමිකාරිය චේස් ජැක්සන්.ඇය ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ මීට පෙර දිනා සිටි රිදී සහ ලෝකඩ පදක්කම් අතරට මේ රන් පදක්කම එකතු කර ගන්නේ මෙම තරගාවලි ඉතිහාසයේ රන් පදක්කම්ලාභිණියන් දෙදෙනෙකුම දෙවැනි කරමින්.ඇය ඉදිරියේ දෙවැනි වන්නේ කැනඩාවේ සාරා මිටොන් සහ නෙදර්ලන්තයේ ජෙසිකා ෂීල්ඩර් යන දෙදෙනායි.සාරා රිදී පදක්කම දිනා ගත්තත් ජෙසිකාට පදක්කමක් දිනා ගන්නටවත් හැකියාවක් නොලැබෙනවා.එහෙත් ඇය මේ වසරේ ලොව හොඳම දක්ෂතාවය දැක් වූ ක්‍රීඩිකාව ලෙස මේ තරග ප්‍රතිපලයෙන් පසුවත් මුලින් සිටිනවා.
පදක්කම් සටහනේ දෙවන තැන යුක්රේනය එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟ රැදී සිටිනවා.එම පදක්කම් දෙකම යුක්රේනයට හිමි වුණේ කාන්තා උස පැනීමේ ඉසව්වෙන් වීම කැපී පෙණුනා.තරගාවලියේ පළමු දිනයේ තීරණය වුණ රන් පදක්කම් හතරෙන් අනෙක් රන් පදක්කම හහි වුණේ ඉතාලියටයි.ඉතාලියේ තුන් පිම්ම සූර ඇන්ඩි ඩයස් හෙරන්ඩස්ට යි.ඇන්ඩි මෙම පදක්කම දිනා ගැනීම සඳහා වාර්තා කරන ලද දුර ප්‍රමාණය ලෝකයේ හොඳම කාලීන දක්ෂතාවය ලෙස දැක් වුණ අතර ඇණ්ඩිගේ පිමිම මීටර් 17.47 ක් දුරට විහිදුණා.



