පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Date:

මැතිවරණ කොමිෂන් සභාව දන්වන්නේ , පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසයි .

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා සිදුකිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර ඇති අතර තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ , ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන 23 වන දින මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති අතර , එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පැවසූවේ , පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් සිදුකළ ඉල්ලීමට ලිඛිතව පිළිතුරු ලැබී ඇති බවයි. වැඩිදුරටත් ඇය සදහන් කළේ, අදාළ ඉල්ලීම් සියල්ල මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවය.

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන රජයේ මුද්‍රණාලය භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව ඉල්ලීම් සිදුකර තිබූ අතර අදාළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් පසුගිය සිකුරාදා දිනයේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැනුම් දී ඇත්තේ එම සියලු ඉල්ලීම් අනුමැතිය සඳහා මුදල් අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවය.මීට අමතරව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය සඳහන් කළේ , මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන අවස්ථාවේ අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඒ සඳහා මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට දින 03කට පෙර දැනුම් දෙන ලෙසත් පොලිස්පතිවරයා විසින් රජයේ මුද්‍රණාලය දැනුවත් කර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...