අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න දැන් බාධාවක් නැහැ! (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය ඇතිකර ගැනීම මත වෘත්තීයවේදීන් මතුකර තිබෙන බදු ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම හැකිවනු ඇති බව අද (21) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයින් සඳහන් කළේය.

කෙටිකාලීන,මාධ්‍ය කාලීන සහ දිගු කාලීනව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස ලබා දී තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමේ බාධාවක් දැන් පෙනෙන්නට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී සුභවාදී විසඳුමකට පැමිණිය හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකර ඇත.

මෙහිදී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අදින් අවසන් කර තිබෙන අතර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් විශ්ව විද්‍යාල තුළ විභාග පැවැත්වීමට ද තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...