අපේ යෝජනා ක්‍රියාත්මක කරන්න දැන් බාධාවක් නැහැ! (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය ඇතිකර ගැනීම මත වෘත්තීයවේදීන් මතුකර තිබෙන බදු ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම හැකිවනු ඇති බව අද (21) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයින් සඳහන් කළේය.

කෙටිකාලීන,මාධ්‍ය කාලීන සහ දිගු කාලීනව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස ලබා දී තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමේ බාධාවක් දැන් පෙනෙන්නට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී සුභවාදී විසඳුමකට පැමිණිය හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසය පළකර ඇත.

මෙහිදී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය විසින් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අදින් අවසන් කර තිබෙන අතර විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් විශ්ව විද්‍යාල තුළ විභාග පැවැත්වීමට ද තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...