කථානායක මහින්ද යාපා විශ්වාසභංග ජයග්‍රහණය කවියෙන්ම සමරයි. ජනතාවගෙනුත් හොඳටම ප්‍රතිචාර !

0
1517

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබුණු විශ්වාසභංග යෝජනාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

ඒ, ඊට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් වශයෙනි.

මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් තිස්සේ පැවති අතර එම කාල සීමාව තුළ පාර්ලිමේන්තු කටයුතු සඳහා සම්බන්ධ නොවූ කථානායකවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සභාවට පැමිණ විශේෂ ප්‍රකාශයක් ද සිදුකළේය. එහිදී තමන්ට එල්ල වී තිබුණු චෝදනා කිහිපයකට ද ඒ මහතා විසින් පිළිතුරු ලබාදෙන ලදී.

විශ්වාසංභගයෙන් ජයගැනීමෙන් අනතුරුව මහින්ද යාපා අබේවර්ධන මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි කවියක් ද සටහන් කර තිබුණි.

“නිහඬවයි හඬ නගන්නේ
තිරසරවයි ගමන යන්නේ
මිණිබරණ නැත පතන්නේ
යන මඟට පහන වන්නේ………..”

කෙසේවෙතත් මෙම කවියට ජනතා ප්‍රතිචාර ලැබී තිබුණේ පහත පරිද්දෙනි.

RN