අංශක අනූවට
බිත්ති යාවෙන තැන
දැල වියයි මකුළුවා
විශ්වය එක මිටට හකුළුවා
තද සුළං රලකට
කුරුමිණි අඬුවකට
එක කොසු පහරකට
ඉරී යා හැකි බව නො දැන
ඉසියුම් රටා මවමින්
දැල වියයි මකුළුවා
එක් අහඹු මොහොතක
අපේ නෙත් හමු විය
සානුකම්පිත බැල්මකින් යුතු
මගේ රුව ඒ ඇසෙහි දිස් විය
තද සුළං රලකට
කුරුමිණි අඬුවකට
එක කොසු පහරකට
ඉරී යා හැකි මා වියූ දැල
මට ම පෙන්වා හකුළුවා
තමන්ගේ දැල යළි
වියන්නට පටන් ගති මකුළුවා
~ කල්පනා ඇම්බ්‍රෝස්
RN
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/03/LNW-Newsroom-ad-at-the-bottom-Sin-1-41-1024x137.png)