දුෂණ චෝදනා සම්බන්ධයෙන් දිල්ලි මහා ඇමති අත්අඩංගුවට

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් ඊයේ(21)රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නගරයේ ප්‍රතිපත්තිවලට අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර කෙජ්රිවාල් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන විපක්ෂ සන්ධානයක ප්‍රධාන නායකයෙකි.

කෙජ්රිවාල් මහතා සහ ඔහුගේ පක්ෂය වන ආම් ආද්මි පක්ෂය (AAP) මෙම සියලුම චෝදනාවන් ප්‍රතික්ෂප කරන අතර මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලනික පළිගැනීම් හේතුවෙන් සිදු කළ බවට චෝදනා කරයි.

දිල්ලියේ මුදල් අමාත්‍ය අතිෂි සිං කෙජ්රිවල්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර අත්අඩංගුවට ගැනීම අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හදිසි විභාගයක් ඉල්ලා ඇති බවත්, පක්ෂය චෝදනාවලට එරෙහිව සටන් කරන අතරේ කෙජ්රිවාල් දිල්ලියේ මහ ඇමතිවරයා ලෙස දිගටම කටයුතු කරනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් කෙජ්රිවාල් අද(22) අධිකරණයට ඉදිරිපත් කරන අතර එහිදී ඔහුට එරෙහි චෝදනා ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි ඉන්දීය ප්‍රාදේශීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...