*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

කෝප් කමිටුවේ චණ්ඩි සහ අහිංසක රත්තරං ….

කෝප් කමිටුවේ සභාපතිකම රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාට ලබා දීමත් සමඟ එහි සාමාජික මන්ත්‍රිවරුන් ඉල්ලා අස් වී ඇත.

ඉල්ලා අස් වූ මන්ත්‍රිවරුන්ගෙන් අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරන්නේ මන්ත්‍රිවරයාට එරෙහිව ඇති දූෂණ චෝදනාය. අනිත් සියලු දෙනා ප්‍රශ්න කරන්නේ රෝහිත අබේගුණවර්ධනගේ අධ්‍යාපන සුදුසුකම්ය. මේ චෝදනා දෙකම අතිශ්‍ය හාස්‍යජනක ය.

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා කෝච්චියේ මාල කැඩුවේ ය යන චෝදනාවේ සිට, මිලියන 450ක් අයථා ලෙස ඉපැයූ බවට වූ අධිකරණ කටයුත්ත දක්වා වන දූෂණ චෝදනාවන්ට අධිකරණයකින් වරදකරුවෙකු වී නැත. නිර්දෝෂිභාවයේ පූර්වානුමානය අනුව, අනුර දිසානායක මන්ත්‍රිවරයාගේ තර්කය මෙතැනට අදාළ නැත.

රෝහිත අබේගුණවර්ධන තමන්ට ඇත්ත හෝ බොරු හෝ චෝදනා ඉදිරිපත්වී ඇති බැවින්, හෘද සාක්ෂියට එකඟව හා ක්‍රියාවලියේ යහපත තකා ඔය වගකීම භාර නොගත්තානම් හොඳය. එහෙත්,එසේ නොවූ බැවින් ඒ ගැන කතා කර පලක් නැත.

දෙවනුව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාගේ අධ්‍යාපනය මද කම ගැන කියවෙන කතාය.

මේ ගැන කාරණා දෙකක් ඇත. පළමුව, ලංකාවේ අධ්‍යාපනය මනින්නේ ශිෂ්‍යත්වය,සාපෙළ,උපෙළ උපාධි සමත් වීම මතය. උසස්පෙළට පෙනී හිටපු එකා සාපෙළ අසමත් එකා සලකන්නේ නූගතෙකු හැටියටය.උපාධිය ගත් එකා උසස්පෙළට පෙනී හිටපු එකා සලකන්නේ නූගතෙකු ලෙසය. මෙහි හොඳම උදාහරණය ඇත්තේ රාජ්‍ය සේවයේය. මම අද ගන්නා වැටුප දහගුණයක් කර තව වසර සීයයකට වැටුප හැදුවද, ඊට වඩා රටට ඩොලර් ආදායම් උපයන ක්‍රියාවලි සඳහා මම මගේ දැනුම,කාලය හා කායික ශ්‍රමය යොදවා ඇත. එහෙත්, ඊළඟ ශ්‍රේණියට අයත් තනතු⁣රේ සම්මුඛ පරීක්ෂණයේදී තේරෙන්නේ,වසර 15 ක සේවාකාලයෙන් වසර 13 ක් පමණ දෙස් විදෙස් අධ්‍යාපනයට කැපකොට සහතික උපයාගත් කෙනාට ය. මෙවැනි අවස්ථාවල වැදගත් වන්නේ කුමක්ද?.පද්ධතිය විසින් වැදගත් වන දේ අපට කිසිම අවස්ථාවක පැහැදිලි කර ඇත්ද?.. නැත..

රාජ්‍යය සිය පැවැත්මට බලාපොරොත්තු වන්නේ සහතිකද? අඛණ්ඩ ක්‍රියාකාරිත්වය ද?.මම කොන්දේසී විරහිතව රාජ්‍යයේ දෛනික පැවැත්ම වෙනුවෙන් ක්‍රියාකාරි වන අතර,රාජ්‍යයේ පැවැත්ම හා වගකීමට ඉහළින් පුද්ගල අභිලාෂ තබන පුද්ගලයා රාජ්‍යයේ පැවැත්මට අදාළ වරප්‍රසාද ගන්නවා පමණක් නොව, තීරණ ගැනීමේ බලයද අත්පත් කර ගනී.

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් විමසන ගොබිලන්ට නොතේරෙන යථාර්තය එයයි.

දෙවනුව, රෝහිත සහ මම අයත්වන 1970-1980 පරම්පාරවට අධ්‍යාපනය යනු ලේසී පාසූ දෙයක් නොවේ.එකෙක් ඉගෙන ගන්නටනම් පවුලේ තව තුන්දෙනෙක්වත් අධ්‍යාපනය කැප කළ යුතු පසුබිමක,රෝහිතගේ අධ්‍යාපනය ගැන විමසීම අසාධාරණ හා අයුක්ති සහගතය.අඩුම කරමේ රෝහිතලාගේ යුගයේ ඉගෙන ගත්තා කියා (විභාග සමත් කළා කියා) උපාධිධාරී පත්වීමක්වත් දුන් යුගයක් නොවේ.

ඇත්තටම කෝප් කමිටුවට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. අනික් සුදුසුකම් ව්‍යාජ හා ගේමට ඉල්ලන ඒවා ය.

රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ සිටීම ගැන ලැජ්ජා නැති,රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සිටීම ගැන ලැජ්ජා හිතෙනවා යැයි කියන තක්කඩි ශත පහකට ගණන් ගත යුතු නැත.කොටින්ම සුනිල් හදුන්නෙත්ති කෝප් කමිටුවේ හිදීම ම පවා අධිනිශ්චය කරන ලද රොමැන්තිකයකි. රෝහිත යනු සියයට සීයක්ම එහි ප්‍රතිපක්ෂයයි.

අපි ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නේ නම් රෝහිත පිළිගැනීමට කිසිම බාධාවක් නැත.රෝහිත පිළිගන්නේ නැතිනම්,පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කළ යුතුය.පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප නොකර, රෝහිත ප්‍රතික්ෂේප කරන තක්කඩි හෙළා දකිමු.

අපි ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැත්නම්, ප්‍රතික්ෂේප කළ යුත්තේ රෝහිත නොව මුළු පාර්ලිමේන්තුව ම ය.

රෝහිත මේ කරුණේ දී අහිංසකයෙකු වන්නේත්,රෝහිතට එදිරිව ජහුටා නටනවුන් කුමන්ත්‍රණ කරුවන් වන්නේත් ඒ පදනමිනි.

මේක තියරියෙන් පැහැදිලි කරනවනම් මෙහෙමෙයි.

දරිද්‍රතාව සහ දුප්පත්කම කියක්නේ දෙකක්. ඒක තේරෙන්නේ නැති පාලකයන්, පරිපාලකයක්, සහ සමාජය අඩියක් ඉස්සරහට තියපු දරිද්‍රයාට ගහන ගමන් දුප්පත්කම නඩත්තු කරනවා.

තව රෝහිතලා මං වගේ දරිද්‍ර පාංතිකයෝ නඩත්තු කරනවා.නඩත්තු කරන ගමන් අවශ්‍ය අවස්ථාවල අනිත් පැත්තට පාවිච්චි කරනවා.

රෝහිතට පාර්ලිමේන්තු ඉන්න සුදුසුකම් තියෙනතාක් ,කොප් කමිටු සභාපතිකම දරන්නත් පූර්ණ අයිතියක් ඇත

වෙන වෙන විකාර මොකවත් අදාළ නෑ ….

~ ගාමිණී ඒකනායක

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan