සාධාරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය කට අරී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22, කොළඹ (LNW): වයස අවුරුදු 22ට අඩු ස්ත්‍රී දූෂණවලට වරදකරුවන් වන පුද්ගලයන්ට ලිහිල් දඬුවම් දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය තීරණය කර ඇති බව වාර්තා වේ,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදයේ උප සභාපතිනි, රෝහිණී විජේරත්න සඳහන් කළේ එවැනි යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

අවුරුදු 16ට අඩු දැරියන් තමන්ගේ කැමැත්තෙන් හෝ ලිංගික අපයෝජනයකට ලක් කිරීම පවතින නීතියට අනුව වසර විස්සක බරපතළ සිරදඬුවම් හිමිවන වැරැද්දක් වේ. එවැනි අපයෝජනවලට වරදකරු වන තැනැත්තා වයස අවුරුදු 22ට වඩා අඩුවන අවස්ථාවලදී ඔහුට ලිහිල් සිරදඬුවමක් පනවන ලෙසට අධිකරණ අමාත්‍යාංශය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තඇති අතර, එම යෝජනාව සමාජයට, සංස්කෘතියට මෙන්ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාවට අහිතකර අන්දමින් බලපෑ හැකි බැවින් එම යෝජනාවට කිසිසේත් එකඟ නොවන බව රෝහිණී විජේරත්න මන්ත්‍රිවරිය පෙන්වා දෙයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...