කිස් එකෙන් තනතුර මිස් වුණ රුබියල්ස්ට දැන් හොර චෝදනා

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 22, කොළඹ (LNW): කාන්තා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පදක්කම් ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤයේ ජෙනී හෝර්මෝසෝ ගේ හිසෙන් අල්ලා ඇයව ඔහු වෙතට ඇදගෙන ඇගේ දෙතොල් මත හාදුවක් තැබීම සම්බන්ධයෙන් ඇති වූ බලවත් විරෝධය මත සභාපති ධූරය හැර යන්නට වූ ස්පාඤ්ඤ හිටපු පාපන්දු සභාපති ලුයිස් රුබියල්ස් ට මේ වන විට දූෂණ, විශ්වාසය කඩකිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ ද බලවත් විමර්ශණයකට මුහුණ දෙන්නට සිඳු වි ඇත.ජෙනීගේ සිඳුවීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ ඉහළම අපරාධ අධිකරණය රුබියල්ස්ට ට එරෙහිව ලිංගික අතවර සහ බලහත්කාරකම් සම්බන්ධයෙන් විමර්ශනය පැවතියේදී ම මේ ආකාරයේ චෝදනා එල්ල වීම නිසා ඔහු ක්‍රීඩා පරිපාලකයෙක් මෙන්ම ක්‍රීඩකයෙක් ලෙස ගොඩ නඟා ගත් කීර්තිය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇත.


ඔහුට දූෂණ චෝදනා,විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශ්‍රද්ධිකරණ චෝදනා එල්ල වන්නේ Supercopa de España නම් වූ ස්පාඤ්ඤ සුපිරි පාපන්දු තරගාවලිය පැවත්වීම සඳහා 2021 සිට 2029 දක්වා කාලය තුළ දී සවුදි අරාබියට අවසරය දීම සම්බන්ධයෙන්ය.එහි දී මූල්‍ය වංචාවක් සිඳු වී ඇති බවට රුබියල්ස්ට චෝදනා එල්ල වන අතර මේ ගණුදෙනු සඳහා හිටපු ක්‍රීඩකයෙකු වන ජෙඑඩේ පික් ද සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වන අතර මාධ්‍ය මඟින් අනාවරණය කරන්නේ ගනු දෙනු සම්බන්ධයෙන් වුණ සිදු වූ සංවාදවල හඬපටවලින් ඔවුන් ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගැන සාකච්ඡා කළ බවට තොරුතුරු ඇති බවය.

මෙම සිඳුවීම මේ වන විට ස්පාඤ්ඤ සමාජය කළඹමින් තිබෙන අතර මේ සම්බන්ධ පරීක්ෂණවලට ලැබෙන හෝඩුවා අනුව විවිධ ස්ථාන පරික්ෂාවට ලක් වෙමින් පවතියි.ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන පරිදි යම් යම් පුද්ගලයන් මේ සිඳුවීමට අදාළව අත් අඩංගුවට ගැනීම් ද සිඳු වී ඇත.එක් මාධ්‍යයක් පෙන්වා දෙන්නේ පොලිසිය මේ පරික්ෂා කිරීම්වලට අදාළව සැකය යොමු කරන එක පුද්ගලයෙක් බවට රුපියල්ස්ව නම් කළ බවය.

ඡායාරූපවලින් දැක්වෙන්නේ මේ සැක කටයුතු සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂා කිරීම් සිදු කරන ආකාරයය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...