කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම කෙරේ

Date:

ප්‍රමිතියෙන් තොර එන්නත් තොගයක් මිලදී ගැනීම ඔස්සේ වංචාවක් සිදුකිරීම සම්බන්ධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා (25) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය අද අධිකරණයට දන්වා සිටි අතර, ඒ අනුව අදාළ ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් විනිසුරුවරයා පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙසයි නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...