ඇමරිකාව Huawei සමාගමට අනුබද්ධිත සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය!

කොළඹ LNW:Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප් සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් චීනය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

මෑත වසර කිහිපයක් තුළ, ඇමරිකාව අත්තනෝමතික අයුරින් අපනයනයට බාධා කර හේතු විරහිතව චීන සමාගම්වලට පීඩා එල්ල කළ බවයි චීන වාණිජ අමාත්‍යාංශය පවසන්නේ.

ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් චීනයේ අර්ධ සන්නායක කර්මාන්තයට දැඩි පීඩා එල්ල වී තිබෙනවා. ඇමරිකාව සිය රාජ්‍ය බලය භාවිත කරමින් Huawei සමාගමට අඛණ්ඩව බාධා සිදු කිරීම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බවද චීනය පවසනවා.

ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ගයන්ට දැඩිව විරුද්ධ වන අතර සිය සමාගම්වල නීත්‍යානුකූල අයිතිවාසිකම් සුරැකීමට පියවර ගන්නා බව ද චීනය අවධාරණය කරයි.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...