පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා. උසාවිය නියෝග කළොත් කියන්න ලෑස්තියි – මෛත්‍රී

Date:

පාස්කු ප්‍රහාරයට සැබැවින්ම වගකිවයුතු පුද්ගලයින් කවුරුන්ද යන්න තමන් දන්නා බවත් අධිකරණයකින් නියෝග කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු හෙළිකිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මං ගාව ඇත්තටම කලකිරීමට වඩා ලොකු හිතේ අමාරුවක් තියෙනවා. 2015 පොදු අපේක්ෂකයා විදියට එදා මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතා හොඳ තැනකට ගෙනියන්න මම ආවෙ. ඒ වැඩපිළිවෙල ගෙනියන්න මට ලැබුණෙ නෑ. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණෙත් නෑ, විපක්ෂයේ සහයෝගයත් ලැබුණෙ නෑ. මම අවුරුදු පහකට මාස එකහමාරක් අඩු කාලයක් ආණ්ඩු කෙරුවෙ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව. එතකොට 19 වෙනි සංශෝධනයෙන් මගේ බලතල නැතුව ගියා. මම කැමැත්තෙන් තමයි ඒවා දුන්නෙ. නමුත් මම හිතුව නෑ බලය ගන්න අය ඒවා වැරදි විදියට පාවිච්චි කරයි කියලා. ඒක නිසා ආණ්ඩුව සහ විපක්ෂය දෙගොල්ලම එකතුවෙලා මට පහරදෙන්න පටන් ගත්තා. ඒකෙන් ඉතින් ඊළඟට පාස්කු ප්‍රහාරය ආවා. පාස්කු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. ඔය නඩු අහන ඒවායේ අල්ලලා තියෙන ත්‍රස්තවාදියො ඒක හරි. ඔය මම අල්ලපු අයට තමයි ඔක්කොම ඔය නඩු අහන්නෙත් විනිසුරු මඬුල්ලක් මගින්. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම මේක කළේ කවුද කියලා තවම කිසිකෙනෙක් කියලා නෑ. හැබැයි ඒක මම දන්නවා කවුද කළේ කියලා. මට අධිකරණය යම්කිසි ඉල්ලීමක් කළොත්, නැත්නම් මට නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා, මම ලෑස්තියි කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක කියන්න. අනිත් කාරණය තමයි එය ඉතාමත්ම රහසිගතව තබාගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) එකතුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...