ලන්සා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
438

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඇති වූ මතගැටුමක් හේතුවෙන් ලන්සා මහතා මීට පෙර ඉල්ලා අස්වීමට සූදානම් වූ නමුත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම තීරණය වෙනස් කෙරිණි. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනස් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

මෙවර ඔහු ඉල්ලා අස්වූයේ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here