*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පුළුල් සන්ධාන වැඩපිළිවෙලක් සඳහා විපක්ෂ නායකයාගෙන් පංච පුද්ගල කමිටුවක් !

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් පුළුල් පොදු සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වයෙන් රට බේරා ගැනීම සඳහා වන වඩාත් ප්‍රායෝගික හා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන මෙම පුළුල් සන්ධානය සඳහා දේශපාලන පක්ෂ හා සවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, වෘත්තීයවේදීන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වේ.

නව සන්ධානයේ මූලික කටයුතු වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කොට තිබෙනවා. සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස තිස්ස අත්තනායක, කබීර් හෂීම්, තලතා අතුකෝරාල සහ එරාන් වික්‍රමත්න යන මහත්ම මහත්මීන් නම්කර තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan