සියයට 15 ක බස් ගාස්තු වැඩිවීමක්..?

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ බස් ගාස්තු ඉහළ දැමීමට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගනු ලැබූ නවතම තීරණයට අනුව, ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් සංශෝධනය අත්‍යවශ්‍ය වී ඇති අතර, ඊට අදාළ ගණනය කිරීම් මේ වන විටත් සිදුවෙමින් පවතී.

ඒ අනුව, පෞද්ගලික බස් රථ හිමියන් අවම වශයෙන් සියයට 15 ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව සඳහන් වේ.

ඉන්ධන මිල ඉහළ ගිය පෙර අවස්ථාවලදී බස් ගාස්තු වෙනස් නොවුණද, මෙවර සංශෝධනයක් සිදු කිරීම අද (22) දිනට නියමිතව ඇත.