මිලින්ද මොරගොඩ සහ ඉන්දීය මුදල් ඇමතිනිය අතර විශේෂ හමුවක්

Date:

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ (21) පැවැත්වී තිබේ.

ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ය.

ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ සහයෝගය සහ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධයෙන් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර සාකච්ඡා වට ගණනාවක්ම 2021 නොවැම්බර් මාසයේ සිට පැවැත්වී තිබිණි.

එම සාකච්ඡා මාලාවෙහි තවත් පියවරක් වශයෙන් ඊයේ මෙම හමුව සිදුව තිබුණු අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සඳහා ඉන්දීය රජය ලබාදුන් තීරණාත්මක සහයෝගය පිළිබඳව මහකොමසාරිස්වරයා මෙහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ ස්තූතිය ඉන්දියාව වෙත පළකර තිබේ.

එසේම පවතින තත්වය හමුවේ ද්වි පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහුපාර්ශ්වික මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් සීතාරාමන් මහත්මිය පෞද්ගලිකව සිදුකළ මැදිහත්වීම සම්බන්ධයෙන් ද මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විශේෂ ස්තූතිය පළකර ඇත.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඉන්දීය ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම, ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය වැඩිකර ගැනීම යන කරුණු සම්බන්ධයෙන් ද මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...