*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

විපක්ෂයේ ගොඩක් පිරිස චෝදනා කළා IMF එක හම්බ වෙන්නේ නෑ කියලා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වශයෙන් වර්තමාන ජනාධිපතිවරයා පත් කිරීම සිට ආණ්ඩුව නොකඩවා ඉදිරියට ගෙන යෑම දක්වා මැදිහත් වීම පිළිබඳව සහ අද රටට සුබදායි තත්වයක් උදාකරදීම පිළිබඳ සතුටු වන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2023.03.22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,

“ඊයේ දවසේ දැනගන්න ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට එකඟත්වය පලවීමත්, ඒ අරමුදල් ලබාදීම ගැන අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට කරුණු කාරණා ඉදිරිපත් කළා. ඒත් සමඟම විපක්ෂය යෝජනාවක් ගෙනාවා විවාදයක් ඒ සම්බන්ධයෙන් කරන්න කියලා. මේ සම්බන්ධව විවාදයක් නෑ. ඒ අරමුදල් ලැබීමත් සමඟම ආර්ථිකය,රටේ උද්දමනය,සංවර්ධනයට ලොකු දායකත්වයක් ලැබෙනවා. අපේ ආර්ථිකයට ලොකු දායකත්වයක් මේ වෙද්දි ලැබෙමින් තිබෙනවා. අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ , ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, සෞඛ්‍ය සේවාවන්, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් මේ ඩොලරය අඩුවීමත් සමඟ ලාභදායිව අපිට ලබා ගැනීමට හැකි වෙනවා. වර්තමාන ජනාධිපතිතුමත්, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ සියලු දෙනාගේ අතිමහත් කැපවීම තුළ මෙය කඩිනමින් සිදු කරගැනීමට හැකිවුණා. චෝදනාවක් තිබෙනවා 134 ආණ්ඩුව හදාගෙන ඒකාධිපති බලයකට රට ගෙනියනවා, ප්‍රජාත්ත්‍රවාදිව රටේ ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ කියලා.

මේ වගේ චෝදනා අවලාද විශාල වශයෙන් ගොඩනැගුවා.හැබැයි ජාත්‍යන්තරය පිළි අරගෙන තිබෙනවා ලංකාවට උදව් කරන්න අවශ්‍යයි කියලා. ඒ නිසා අපි විශේෂයෙන් ජනාධිපතිතුමාට ස්තූති වන්ත වෙන්න ඕන ජාත්‍යන්තරයට මාර්ගය පෙන්නලා දිලා මේ ජයග්‍රහණය ලබා ගැනීම. සමහරු සමච්චල් කරනවා ණයක් ගත්තාම ලොකුවට අඬබෙර ගහනවා කියලා. ලිං මැඩි මානසිකත්වයෙන් සිටින පිරිසට කියන්න පුළුවන් ණය ගත්තාම ඒ ගැන වර්ණනා කරන්නේ කියලා. නමුත් මේ ණය ගන්න පුද්ගලයා මේ ණය කළමණාකරණය කරගෙන මේ ණය තුළින් ආදායම් උත්පාදනය කරන්නේ කොහොමද කියලා ලිදෙන් එළියට ඇවිත් බැලුවොත් විශාල පරාසයක් අපිට පේන්න තිබෙනවා.

ජනාධිපතිතුමා, ආණ්ඩුව ඉලක්ක කරන්නේ ඒ පරාසයට යන්නයි. අපිට පුළුවන් වෙනවා ඉදිරි අනාගතය ඒ තැනට යන්න. පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුටු වෙනවා වර්තමාන ජනාධිපතිවරයා පත් කරන්න, මේ ආණ්ඩුව නොකඩවා ඉදිරියට ගෙනියන්න මැදිහත් වෙච්ච ප්‍රධාන හවුල්කාර පක්ෂයක් විදිහට අද රටට සුබදායි තත්වයක් උදාකරදීම ගැන. ඒ නිසා මම හිතන්නේ විපක්ෂයේ ගොඩක් පිරිස චෝදනා කළා IMF එක හම්බවෙන්නේ නෑ කියලා මාධ්‍ය ඇවිත් පුරසාරම් දෙඩුවා. හැබැයි අපි ක්‍රමානුකූලව මේ ජයග්‍රහණය ලබාගත්තා. මේ නිසා ඩොලරය පහලට යෑමක් අපිට දකින්නට හැකි වුණා. ඒ තුළින් ජනතාවට ලැබෙන වරප්‍රසාද දැනෙමින් තිබෙනවා. ඉතිරි වාරික ටික ලැබීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමත්, ආයෝජකයෝ සහ මේ මුදල් කළමණාකරණය කිරීමත් තුළ අපිට යථා තත්වයට පත්වෙන්න පුළුවන් තත්වයක් උදාවෙයි.

වසරක් දෙකක් තුනක් යන තැනදි ජනාධිපතිතුමා පුරෝකතනය කරපු ඉලක්කවලට යන්න ලැබෙයි. ඒ නිසා අපි කියන්නේ සමූහික ප්‍රයත්නයක ජයග්‍රහණයක්. ණය ලැබීම උදම් මැනීමට කාරණාවක් නොවුනට ලබාගත්ත ණය තුළින් ඉතිහාසයේ ගොඩගැහිච්ච ණය කන්ද කළමණාකරණය කරලා ගෙවා ගන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න යම්කිසි එකඟතාවයක් ඇතිවෙමින් තිබෙනවා. මේ අරගල කිරීම්, විරෝධතා දක්වන පිරිසට කියනවා මේ රටට හුස්ම වැටෙන වේලාවේ මෙයට ටිකක් ඉඩ දෙන්න බෙල්ල මිරිකන්නේ නැතිව. අද වන විට විදේශීකයෝ දහස් ගණනාවක් මේ රට පුරා සැරිසරනවා. අප්‍රේල්, මැයි කාල වකවානුව තුළ ඒ සංචාරකයෝ හෝටල් ඇනවුම් කරලා තිබෙනවා. මේ සංචාරකයෝ නිදහසේ ඇවිදිනවා. නමුත් අපේ මිනිස්සු , වෘත්තිය සමිති කියා ගත්ත කොටස් තැනින් තැන විරෝධතා දක්වනවා. මෙය ඒකට වෙලාවක් නොවේ. මේ රටේ යම්කිසි හැරවුම් ලක්ෂයක් ආරම්භ වෙච්ච මොහොතේ කඩාකප්පල් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ තුළින් නීතිය ක්‍රියාත්මක වීම පලිගැනීමක් විදිහට දකින්නත් එපා.ඒ නිසා වැරැද්දට දඩුවම දෙන එක නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීම. නැත්තනම් මේ වැරැද්ද හැදෙන්නේ නෑ. පොඩි තැනින් වැරදි පටන් අරගෙන තමයි මැයි 09 ගිනිජාලාවක්ම වුණේ මුළු රටම.

ඒ නිසා මේවා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියන එකත් අපි ඒ අදාළ තැන්වලට කියනවා.බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ අපේ පුළුල් සන්ධානය. බැසිල් රාජපක්ෂ මහතා කියන නම අපි ලඝු කරන්න අවශ්‍ය නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේකේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදටත් රැකගෙන ආරක්ෂා කරගෙන මැතිවරණ සහ මේ දේශපාලනික ව්‍යාපාර කටයුතු සියල්ල කරන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා මූලාරම්භය දුන්න එකත් එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්න සහ ජනාධිපති කරන්න ඕන කියන තීන්දුවල ඉදගෙන ඒ මැදිහත්වීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු කිරීමත් යන කාරණාවල ප්‍රතිපලයක් තමයි අද අපි බුක්ති විදින්නේ.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan