*
Friday, March 29, 2024
spot_img

Latest Posts

තවමත් බැදිවල යන ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍යවරයාගේ වගකීම රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍යය සේවාව ක්‍රීඩාව හරහා ඉටු කිරීමය.ඒහි සැකයක් නැත.නමුත් ඒ ක්‍රීඩාව ලෝකයෙන් කොන්කර අපේ රටට සීමා කරමින් නොවේය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා සියයට සියයක් තමන් නිවැරදි බව පෙන්වන්නට උත්සාහ කරමින් රටේ ක්‍රීඩාව අන්තර්ජාතික වශයෙන් තහනම් වීය හැකි මට්ටමට තල්ලු කරමින් සිටියි.

ඊයේ අවස්ථා දෙකකදී ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්නා දෙන්නට උත්සාහ කළේ අප මීට පෙර ද කී ආකාරයට ඔහු මේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රීඩාව වෙනස් කරන්නට මැදිහත් වන බවය.ඒ ඔහු ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් දේශපාලකයෙක් සේ පැවරී ඇති වගකීමට සාපේක්ෂ ප්‍රකාශයක් මිස රටක ක්‍රීඩාවක් පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සිටම රටේ සෑම ක්‍රීඩාවකටම ජාත්‍යන්තර වශයෙන් ඇති සංගම්වලින් සකස් කළ පොදු වැඩ පිළිවෙලක් ඇති අතර ඒය රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට අනුව සසල කළ නොහැකිය.එම ආකෘතියට අනුගතව පෙරට හෝ පසුපසට යාම විනා අපි ක්‍රීඩා කරන්නෙ අපිට ඕනෑ විදිහටයි කියන්නට බැරිය.එය රුසියාවේ පුටින්ට ද කරන්නට නොහැකි අතර රොෂාන් රණසිංහ අමාත්‍යවරයා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාටත් අනුග්‍රහය ලබා දෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගිය අවස්ථාවේදි රුසියානු ධජය නොඳුටුවේ යුක්රේන යුද්ධය නිසා වැටුණු තහනමක් නිසා නොව පුටින්ගේ දේශපාලනය විසින් බලපෑම් කරන්නට ආ නිසා සිඳු වූ තහනමකින්ය.


ආසියානු තරග උළෙල සඳහා තේරුණු ක්‍රීඩකයින් වෙනුවෙන් සේ මාධ්‍යයට දැණුම් දී ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා හමු වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිඩාවල ඉහළ දක්ෂතා දක්වන්නන් ඇතුළත් සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.සමහර විට ඊයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එයට සහභාගි නොවන්නට ඇත.ඒ ආසියානු කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් පවත්වන තේරීම් තරග දියගමදී පැවත්වෙමින් තිබුණ නිසාය.

ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයා එම ක්‍රිඩකයින්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙමින් විසඳුම් යෝජනා කරමින්,නිලධාරින්ට උපදෙස් දෙමින් මේ වන විට තමන්ගේ තීරණවලට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගෙන සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන රගර් පරිපාලනයට තමන්ගේ හීනමානයේ මුළු බර ඔසවා පහර දුන්නේය.
රගර් ක්‍රිඩාවේ නිලවරණයට ගැටළු සහගත ක්‍රීඩා සමාජ දෙකක් යොදා ගැනිම,ආසියාතික සභාපතිවරයා සහ ලංකාවේ සභාපතිවරයා අතර ඇති අමනාපය වැනි කරුණු ගණනාවක් නිසා ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ආසියාවේ තහනම් වි ඇති බව පැවසුවේය.එම සභාවේම රගර් අතුරු කමිටුවක නිලධාරියෙක් සේ සිටි වෛද්‍ය මයියා ගුණසේකර ද විය.

ක්‍රීඩා අමාත්‍යවරයා නිකමට හෝ ඔවුන්ගේ පරිපාලන කාලයේ ගැටළු සැළකිල්ලට ගන්නේ නැත.කුමන අතුරු කමිටුවක් යටතේ ශ්‍රී ලංකා රගර් ගිණුම වාෂ්ප වි ගියේද යන්න පිළිබදව හෝ වෛද්‍ය මයියාට අමතරව ඔහු සමඟම ක්‍රීඩා අමාත්‍යවරයා සමීප කරගෙන සිටින ලසිත ගුණරත්න වත්මන් ආසියාතික සභාපතිවරයාට එරටින් මෙරට රග්බි ක්‍රිඩාවට උපකාර ද ලබා ගෙන නිලවරණයේ දී ශ්‍රී ලංකාවේ ඡන්දය ලබා නොඳුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා දන්නේ නැත.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විරසකය ඒ පත්වීම සිඳු වූ දා සිටම ඇති අතර එම තත්ත්වය විසඳාගෙන සභාපතිවරයාට සමීපවීමට අසංග සෙනවිරත්න සමත්වී ඇත.

දැන් සිඳුවෙමින් පවතින්නේ අපායේ වලට ලංකාවේ පිරිස වැටුණාට පසු සිඳුවන දේ ය.අනුග්‍රාහකත්වයන් සොයා ගනිමින්,රටේ ක්‍රිඩා අමාත්‍යංශයද අකුල් හෙලන තත්ත්වයක සහ ආසියානු සම්මේලනය ද අකුල් හෙලන තත්ත්වයක වෙනත් රටවල් සමඟද ලංකාවේ රගර් දියුණුවට බලපාන අයුරෙන් ඒකඟතා ඇති කර ගනිමින් වත්මන් රගර් සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රගර් ඉදිරියට ගමන් කරමින් සිටින්නේය.දැන් ඒය නැවත්වීමට අවශ්‍යය මිනිස්සු කල්පනා කරන්නේය තමන්ට අයත් ඉතිහාසය තුළ ඇති කළ ණය පියවමින් ආර්ථිකමය වශයෙන් විශාල අනුග්‍රහයන්ද සමඟ පෙරට ඇඳෙන රගර් හී පුටුවල ඉඳ ගැනීමය.ඊට පසුව ඒ මුදල් විවිධ ව්‍යාපාති හරහා වියදම් කරන මාර්ග සොයා ගැනීම ද අපහසු නැත.සමහර අවස්ථාවල ඒවා දේශපාලන ප්‍රතිරූප පෙන්වන ඉසව්වලට රගර් ගාවා වියදම් කරපු අවස්ථා ද ඉතිහාසයෙන් සොයා ගන්නට හැකිය.නමුත් අමාත්‍යවරයාට ඒ කිසිවක් වැඩක් නැත.තමන් කියන විදිහට වැඩ කරන මිනිස්සු සහ තමන් ක්‍රීඩාවේ රජු සේ සළකා ලෝක ක්‍රීඩාව බල්ලට දමා තමන් කියන විදිහට වැඩ කරන පිරිසක් සිටිය යුතුය.



ඒසේම ආසියානු සභාපතිවරයා සහ ශ්‍රී ලංකා සභාපතිවරයා අතර පෞද්ගලික ප්‍රශ්නයකට ශ්‍රී ලංකාවේ රගර් සමඟ ගනු දෙනු කරිම ආසියාතික සභාපතිවරයා ප්‍රතික්ෂේප කරනවානම් ක්‍රිඩා අමාත්‍යවරයා සිටගත යුත්තේ ආසියානු සභාපතිවරයාගේ පැත්තේ ද?තමන්ට පෞද්ගලිකව බලපාන පුද්ගල ප්‍රශ්නයකට රටකට එරෙහි විමේ අශිෂ්ඨ බවට එරට ක්‍රීඩා අමාත්‍යවරයා ඒරෙහි විය යුතුය.නමුත් තනතුරක් යනු සියල්ල තමන්ට හැකි පරිදි විය යුතුය යන බාල හෑඟිම නිසා අමාත්‍යවරයාට ද ආසියානු සභාපතිවරයා ඒ හැඟීමෙන් ක්‍රියා කිරීම ගැන සතුටක් දැනෙනවා ඇත.
මම ඉන්න කොට නැහැනෙ යන වචන ආදර්ශ පාඨයකට ගෙන ලංකාවෙ අමාත්‍යවරු තමන්ගේ බොහෝ හිතවත්කම් සාධාරණය කරයි.නමුත් රගර් ක්‍රිඩාවේ ඉතිහාසය නිවැරදි කරන්නට අවශ්‍යයනම් ක්‍රීඩා අමාත්‍යවරයාට කිසිඳු ආකාරයකින් ජාත්‍යන්තර ක්‍රිඩා පනතකින් අභියෝග කළ නොහැකි රටේ නීතියෙන් කළ හැකි දෙයක් ඇත.මෙරට නමින් විදේශිය ක්‍රීඩකයින් ක්‍රීඩා කරවා තවමත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට නියම කළ දඩ මුදල ගෙවමින් සිටියි.රටක කීර්ති නාමයට කළ ඒ හානිය වෙනුවෙන් දැන් වුව ද තීරණයක් ගත හැකිය.
ඒසේ නොවී රගර් වෙනුවෙන් කරන ලද චෝදනා ඒක පාර්ශවික වන්නේ ක්‍රීඩා සමාජ දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රගර් විධායක සභාවේ ගත් තීරණ අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දී තිබියදී ඒ ගැන නොසළකා යළිත් විමසා බැලීම යනු ලේකම්වරයාගේ වගකීම කෙතරම් ද යන්න පැහැදිළි කිරීමකි.ඒ ඔස්සේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද දැනුවත් කර තිබියදී හිටපු අමාත්‍යවරයා තහනමක් පැන වූ අතර අධිකරණය මඟින් එම තීරණය අත් හිටුවා අවසාන වශයෙන් අදාළ ක්‍රීඩා සමාජ දෙක දැනුවත් කර අවශ්‍යය කටයුතු කරන මෙන් ක්‍රිඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට දැණුම් දී ඇත.ඒසේම නව නිලවරණයට පිවිසියේත් අධිකරණයේ අනුමැතිය ඇතිවය.

දැන් අධිකරණයට නව නිලවරණයක් පවත්වා ඇති බව අදාළ ක්‍රිඩා සමාජ සමඟ එකඟතාවයකට පැමිණි බව දැන්විය යුත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රිඩා සංවර්ධණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.ඒම පිරිස තමන්ගේ පරිපාලනය යටතේ ගාල් කරගෙන අධිකරණ දැනුම් දීමට ද ගරු නොකරන තත්ත්වය සැළකිල්ලට නොගෙන අධිකරණයට උස්සන් ගියහම තීරණ වාරණය වෙන බව කියන්නේ අධිකරණයේ දැණුම සහ භාවිතාවද යම් කිසි ආකාරයකින් අවඥාවට ලක් කරමින්ය.

එසේම ආසියානු සහ ශ්‍රී ලංකා රගර් සභාපතිවරයා අතර සිඳු වි ඇති අන්තර්ජාලය හරහා වූ වචන භාවිතාවේදී ශ්‍රී ලංකා සභාපතිවරයා ආසියානු සභාපතිවරයාට පවසා ඇත්තේ රගර් පාරිභාෂික වචන පෙළක්නම්,ආසියානු සබාපතිවරයාට එය නොතේරෙන්නේ ඔහු රගර් සම්බන්ධ වගකීම භාර ගත්තාට ඔහු රගර් ක්‍රීඩකයෙක් නොවන බැවිනි.එවැනි තත්ත්වයකදී ඔහු අසළ සිටන කෛරාටික අයෙකුට රගර් සඳහා තමන්ට ඉඩක් හදාගන්න අවශ්‍යයනම් සහ සභාපතිවරයාගෙන් දීර්ඝ ලෙස යැපෙන්න අවශ්‍යයනම් කළ යුත්තේ අර වචන නිසා ඇති වූ කෝපය අවුලන්නට අවශ්‍යය කටයුතු සිඳු කිරීමය.උදාහරණයක් ලෙස ක්‍රීඩාවේ පාරිභාෂිකය මෙන්ම ප්‍රායෝගික භාවිතාව නොදන්නා අමාත්‍යවරයෙක් අතින් වුව ඒම හානිය සිඳු විය හැකිය.ඔහු ක්‍රීඩාව දන්නවා කියා හිතන කෙනෙක්ට ඔහුව අන්දවා වැඩේ අවුල් සහගත තත්ත්වයට පත් කරන්නට හැකිය.
ක්‍රිඩා අමාත්‍යවරයා එම හවස්වරුවේ පතුරු ගසන්නට තෝරා ගත්තේ පාපන්දු ය.ඔහු පාපන්දු පරිපාලකයා මූලික කරගෙන රටින් පිටුවහල් කළ යුතු බව කීවේය.ඔහු විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කරගෙන ගත් තීරණය ගැන ද කීවේය.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ද ඒම විමර්ශන වාර්තාව පැමිණ තිබිණ.මාධ්‍යය මඟින් ද ඒය හෙළිදරව් කර තිබිණ.අප එම ලිපිය මේ මාධය ජාලයේම පළකර රොෂාන් රණසිංහ අමාත්‍යවරයාව සිටියදී ද තොරතුරු ඉදිරිපත් කළේය.ඒසේම මූල්‍යමය අවභාවිතාවන් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය විය.ඒවැනි චෝදනා වැඩිම ප්‍රමාණයක් එල්ල වී තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂ නමින් පැවති ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ වියදම සම්බන්ධයෙන්ය.එහි ගෙවීම් සිඳු වි තිබුණ ආයතන ගැන ද ඉඟි බිඟි ඒ මාධ්‍ය සටහන්වලින් කියැවිණි.එහෙත් කිසිවක්ම සිඳු වී නැත.අදටද මෙම මූල්‍ය වංචා ගැන හෙළිදරව්වක් නොමැති අතර විමර්ශන වාර්තාවට පදනම් වූ නිර්දේශ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර අවසාන අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයා සේ ගත් තීරණය නිසා ජාත්‍යන්තර පාපන්දු තහනම පැන වූ බව කියන්නට දැන් රොෂාන් රණසිංහගේ දිව නටමින් තිබෙන්නේය.

ඔහු පැමිණි දා සිටිම පැවති පරිපාලනය ගැන කළ කිසිවක් අදාළ කර නොගෙන නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කොටසකුත් තබා ගෙන ඉදිරියට ගිය රොසාන් රණසිංහ අමාත්‍යවාරයාගේ කාර්ය මණ්ඩලයෙන් එම චරිත බැහැරවීම පාපන්දුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කෝප වීම සිඳුවන්නේ එකම තැනදී ය.අපි හිටපු අමාත්‍යවරයා සහ වත්මන් අමාත්‍යවරයා අතර යම් නොහොද නෝක්කඩුවක් ඇද්ද නොදන්නනේය.නමුත් හරියට ඒසේ වූවේ ද යන්න සැක දැනෙන තරමට විශ්මිත ලෙස පාපන්දුව පරිපාලනය දෙසට රොෂාන් රණසිංහගේ විරෝධය අර නිලධාරීන්ගේ ඉවත්විම සමඟම මෙන් සිඳුවන්නට පටන් ගන්නේය.
දැන් ගැටළුව ඇත්තේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රියාත්මක විමට පටන්ගන්නා මොහොතේ ප්‍රමාදය ය.ඒ් වන විට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැණුම් දුන් පරිදි ව්‍යවස්ථාව වෙනස් කිරීමට පැවති පාපන්දු සම්මේලනයට බල කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අවස්ථාව තිබිණ.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හැඩයට ශ්‍රී ලංකා පාපන්දු පත් කිරීම ඒහි අපේක්ෂාව වූ අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ එක්ව කටයුතු කිරිමට තිබුණ ඉඩ ගැන අවධානය යොමු නොවිණ.

අනතුරුව මේ ගැටළුව විසදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට මැදිහත් වෙන්නට සිඳු වූ අතර ඒහිදි ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ඒම සාකච්ඡා සිඳු විය. ඒ වන විට තමන් අතපසු කළ පාපන්දු ව්‍යවස්ථා සංශෝධනය පාපන්දු පරිපාලනය විසින් සිඳු කර අනුමත කරගෙන තිබුණ බැවින් ක්‍රීඩා පණත ප්‍රකාරව ඒයට අනුව නිලවරණය පැවත්වීමට ඒකඟ විය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඒකඟ වූ පරිදි නිලවරණ සිතියම ක්‍රියාත්මක නොකිරීම කියා සඳහන් කරන්නේ තහනමට බල පෑ ඒම කාරණය ය.අපේ රටේ සිතියම අපට අවශ්‍යය විදිහට දිග හැරීම සහ හැකිලීම කළ හැකි තත්ත්වයන් දූෂිත දේශපාලනය විසින් නඩත්තු කරාට ලෝකයට අයිති ක්‍රිඩාවට රටකට අවශ්‍යය පරිදි හැසිරෙන්න දෙන්නේ නැත.ඇත්ත එයය. ඒ නිසා අමාත්‍යවරයා තේරුම්ගත යුත්තේ තමන් තවමත් සිටින්නේ බැද්දේ මං මුලා වී බවය.

ඔබේ විශ්වාසය මත රටේ ක්‍රීඩාව පවතින්නට නොහැකිය.ඒය ලෝකය විශ්වාස කරන පරිදි පැවතිය යුතුය.මේ රටේ මිලියන ගාණක ජනතාවට නොවේ ලෝකයේ සිටින බිලියන ගාණම ක්‍රීඩාව කරන විදිහක් ඇත.ඒ් තැනට අප පත්විය යුතුය.විශේෂයෙන් පාපන්දු වැනි මහා විශාල මුදල් සම්භාරයක් ඇති ක්‍රීඩා සංගමයකින් පාපන්දුව සහ ක්‍රීඩා අමාත්‍යංශය ඒකඟ වෙන තැනකදී රටේ සමස්ත ක්‍රිඩාව වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට වුව මුදල් ආයෝජකයෙක් ලෙස ඔවුන්ගේ පැමිණීම සිඳුවිය හැකිය.එය නොසළකා කටයුතු කිරීම කණාටුදායක තත්ත්වයකි.
ඒ නිසා ක්‍රීඩාවේ දේශපාලනය වෙනස් ය.ඒය ලෝකයට අවශ්‍යය අයුරින් ක්‍රියාත්මක විය යුතු එකකි.පොළොන්නරුවේ ඩඩ්ලිලා මෛත්‍රීලා එක්ක හැප්පෙන විදිහට හැප්පෙන්න නොහැකිය.ඔබට රටේ ක්‍රිඩාව ඔසවන්නට යැයි සිතෙන සිතෙන ආකාරයට වෙනස්කම් කරන්නට නොහැකිය.ඒවිට ඔවුන් අපේ ක්‍රීඩාව උස්සා පොළවේ ගසනු ඇත.අඩුම තරමේ අධිකරණයට හෝ ඒකඟ වෙන්නට ඔබගේ නිලදාරීන්ට හුරු කරන ගෞරවය සහිත දේශපාලකයෙක් වෙන්න අවශ්‍යය වන්නේය.තවමත් රගර් ක්‍රිඩාවේ ගැටළුවට තුඩු දුන් ක්‍රිඩා පරිපාලන ඒකක සමඟ සාකච්ඡා කර විසඳා අධිකරණය දැනුවත් කර නැති නිලධාරීන්ට කුමක් කරන්නේ ද යන්න අමාත්‍යවරයා පෙන්නා දිය යුතුය.තමාත් තමාව ආරක්ෂා කරන තමා වටා ඉන්න පිරිසත් රටේ ක්‍රීඩාව ලෙස සිතීම දුබල මිනිසෙකුගේ උත්සාහයක් මිස ක්‍රීඩාවේ තත්තවය ප්‍රබල කරන්නට ඒය බල නොපාන්නේය.
නිවැරදි වෙන්නට තවත් ඉඩ ඇත.ඒසේ නොවීමෙන් ඔබට හානියක් නැත.ලංකාවේ ක්‍රීඩාවට ඇත්තටම ආදරය කරන අයට ආදරය කරන්න ක්‍රීඩාවක් ඉතුරු නොවනු ඇත.

දැන් තත්ත්වය දරුණු වි ඇත.පාළුගෙයි වළං බිඳිමින් ඇමති බලතල යොදා ගනිමින් හැම ප්‍රසිද්ධ තැනකම තමන් නිවැරදි බව කියන්නට කෑ ගසන්නට වන තත්ත්වයට අමාත්‍යවරයා පෙළැඹි ඇත.සමහර විට ඔහු මේ සියල්ල කරන්නේ අහිංසකව ක්‍රීඩාව සහ ක්‍රීඩා කරන ජනතාව වෙනුවෙන් විය හැකිය.නමුත් ක්‍රීඩාවට ලෝකය පිළිගත් හැඩයක් ඇත.අඩුම තරමේ තමන් කරන කියන දේ ට ඒරෙහිව නැඟෙන හඬෙහි ඇති කරුණු කවරේද,ඒවා නිවැරදිද යන්නවත් සොයා බලන්නට අමාත්‍යවරයාට ඇත්නම් බුද්ධිය පහළ වේවා යන්න අපේ පැතුමය.

මෙහි ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත අමතන ලද අවස්ථාවට අදාළ ඡායාරූප කිහිපයකි.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan