ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා දෙන්නට ධනංජය සහ කමිඳු ශතකවලින් දායක වෙති.

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉණිමට ක්‍රීඩා කරන බංගලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටිනවා.තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශය සිල්හෙට් හී කොළ තණතීරුව ගැන දැඩි විශ්වාසයකින් සිය වේග පන්දු යවන්න් පිළිබ දව විශ්වාසය තබමින්,ප්‍රභාත් ජයසූරිය වැනි පන්දු යවන්නෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටියද සිව්වන ඉණිම වන විට තරගයේ ඉදිරියෙන් සිටීමට හැකි වේය යන විශ්වාසයෙන් යුතුව පන්දු රැකීමට තීරණය කළා.


බංගලාදේශයේ තීරණය නිවැරදි කරමින් පන්දු ඕවර් 17 ක් ගෙවෙන විට ශ්‍රී ලංකාව කඩුලු 5 ක් අහිමි කරගෙන ලකුණු 57 ක් පමණක් ලබා සිටියා.එතැන් සිට තණතීරුව කණපිට හැරුණාද කියන තරමට විශ්වාසයෙන් පිත්තට පන්දුව ලබා ගෙන ක්‍රිඩා කරන්නට ධනංජය ද සිල්වා සහ කමිඳු මෙණ්ඩිස් සුසංයෝගය සමත් වුණා.දැඩි පීඩනයක වේගවක් දෝලනය ඉදිරියේ කල්පනාකාරී වූ පිතිකරු යුගලය ප්‍රති පීඩනයක් ඇති කරමින් ආක්‍රමණික ක්‍රිඩා රටාවක් පෙන්නුම් කරනු ලැබුවා.වාර්තාගත ලකුණු 202 සබඳතාවයක් හයවන කඩුල්ල වෙනුවෙන් ඇති කළ කමිඳු සහ ධනංජය අතරින් ලකුණු පූවරුව 209 ක් පවතිද්දී දැවී ගියේ කමිඳු මෙණ්ඩිස්.ලකුණු පූවරුවට තවත් ලකුණු 5 ක් එක් වෙද්දී ධනංජය ද සිල්වාත් නායකත්වයේ වගකීම දෙ’උරට ගනිමින් දියත් කළ ඉණිම නිමා කළා.ධනංජය සහ කමිඳු දෙදෙනාම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 102 බැඟින් ලබා දුන්නා.


ශ්‍රී ලංකා පතිකරුවන්ගේ අසරණ වීම ගැන හොඳම උදාහරණය ඔවුන් දෙදෙනාගේ ශතක දෙක හැරෙන්නට ශ්‍රී ලංකා ඉණිමේ ඉලක්කම් දෙකක අගයක් එන ලකුණු රැස් කර තිබුණේ පන්දු යවන්නන් දෙදෙනෙක් පමණයි.ඒ දිමුත් කරුණාරත්න (19) සහ කුසල් මෙණ්ඩිස් (17) යන දෙදෙනායි.කෙසේ වුවත් කමිඳු සහ ධනංජය ඇති කළ සබඳතාවය නිසා ශ්‍රී ලංකා ඉණිම සියලු දෙනා දැවී යන විට ලකුණු පූවරුව 280 ක් ව තිබුණා.


පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශයට ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යව්න්නන් දෙදෙනා වන විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත ද දැඩි තර්ජනයක් එල්ල කරනු ලැබුවා.ගෙවුණු පන්දු ඕවර් 10 තුළ බංගලාකේශයේ කඩුුලු 3 ක් ම ඔවුන් දවා ගැනීමට සමත් වූ අතර හෙට සිල්හෙට් හී පාරිසරික සාධක වේග පන්දුවෙන් ලැබෙන සහයත් සමඟ බංගලාදේශ පිතිකරුවන්ට උදෑසන මුල් පැයක පමණ කාලය තුළ වේගය සහ දෝලනය ඉදිරියේ විශාල අභියෝගයක් එල්ල වන්නට තිබෙන ඉඩ විශාලයි.


තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-1st-test-1419830/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිපුනි වාසනා පෙරට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන අවුරුදු 17...

බිංගිරිය සහ පාතහේවා හැට සභා සජබෙට!

කොළඹ LNW:පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට...

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයන්ගේ ආදර...