සිවි වසරක් වතුපිටිවලට අහිමිව තිබූ පිහිණීම යළිත් ක්‍රියාත්මකයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 23, කොළඹ (LNW): වසර 4ක කාලයක් වසා තිබූ ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය ක්‍රමවත් වැඩ පිළිවෙලක් යටතේ ජනතා අයිතිය වෙත ලබාදීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රියර් අද්මිරාල්) මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කටයුතු කර ඇත.


මෙම පිහිණුම් තටාගය 2016 දී ආරම්භ වී 2019 දී ජනතා අයිතියට පැවරුණු අතර වසර හතරක් රටේ ඇති වූ වසංගත තත්ත්වය මෙන්ම ඉන් අනතුරුව පැවති සමාජ දේශාපාලනික අස්ථාවභාවය ද හේතු කර ගෙන අක්‍රීයව පැැවතියේ ය.විශාල මහජන මුදලක් මේ පිහිණුම් තටාගයේ දිය වෙමින් විනාශ වීම වැළක්වීමට පියවර ගනිමින් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී මගින් ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය පවත්වාගෙන යෑම (22) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් හා වැඩිහිටියන් වෙනුවෙන් සහනදායී අය කිරීම් මත පවත්වාගෙන යන මෙම පිහිණුම් තටාගය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් භාවිතා කරන බැවින් පිහිනුම් තටාක නඩත්තු කිරීම හා පවත්වාගෙන යෑමේ මාර්ගෝපදේශයන් අනුව විෂබීජහරණය කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය උපදෙස් ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී වෙත ලිඛිතව ලබාදී තිබේ. සෞඛ්‍ය අංශවල හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උපදෙස් අනුව පිහිනුම් තටාකයේ පීඑච් අගය පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය උපදෙස් ලබාදී තිබීම විශේෂත්වයකි.

පිහිනුම් තටාකය නිසි පරිදි පවත්වාගෙන යෑමේ වගකීම ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී වෙත ලබාදී ඇති අතර, එහි මාසික ආදායම් වාර්තාව අදාල මාසය ඉක්මවූ වහාම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසද දැනුම්දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...