වන අලිත් අසරණයි, වන අලි පහරකෑ ගැමි ජනයාත් අසරණයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW):වැල්ලවායේ නිවාස දෙකක් වන අලි පහරදීමකින් සම්පුර්ණයෙන්ම විනාශ වීඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් වන අලි තර්ජනය නිසා පීඩාවට පත්ව සිටින අතර, මෙම වන අලි පහරදීම සිදුව තිබෙන්නේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දීය.

නිවාස දෙකම සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර නිවැසියන්ට කිසිදු හානියක් සිදුවී නැති බව පැවසේ.

ජනතාව පවසන්නේ, ප්‍රදේශයේ ශක්තිමත් විදුලි වැටක් නොමැති නිසා වන අලීන් මෙලෙස ගම්වදින බවයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, වන අලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි.