අපේ නායකතුමා කියලා තියෙනවානෙ ඒවා ගැන කතා කරන්න එපා කියලා – රනිල් එක්ක ගමන ගැන බැසිල් කියන කතාව

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පෙරේදා (21) පැවති සාකච්ඡාව ඉතාම සාර්ථක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා සමග සකච්ඡාව කොහොමද ?

“ඉතාම සාර්ථකයි”

ප්‍රශ්නය – මොනවගේ මැතිවරණයක් ගැනද සාකච්ඡා වුණේ ?

“නෑ, නෑ, ඒවා ඉතින් සාකච්ඡා කළා. අපේ අදහස් කිව්වා. එතුමාගෙ අදහසුත් කිව්වා. ඉතින් අවසන් තීන්දුවක් ගත්තෙ නෑ. මේකෙ මේ අවසාන තීන්දුව ගත්තොත් නිව්ස් ඉවරයිනෙ. ඒක හින්දා අපි ඕක තව ටික දවසක් ඔහොම යං”

ප්‍රශ්නය – සාමාන්‍යයෙන් පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව මොකක්ද ඔබතුමාලාගේ ?

“පොදුජන පෙරමුණත් පක්ෂයක් හැටියට අපි තීන්දුවක් අරගෙන නෑ. මගේ අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණයක් වඩාත් සුදුසුයි කියලා. ජනතාව ඉල්ලන එක දෙන්න ජනාධිපතිතුමා එකඟවෙයි කියලා මම හිතනවා”

ප්‍රශ්නය – ජනාධිපතිතුමාත් එක්කම ඉදිරි ගමන යන්න බලාපොරොත්තුවක් තියෙනවාද පොහොට්ටුවේ ?

“නෑ, ඒවා ගැන අපේ නායකතුමා කියලා තියෙනවානෙ කතා කරන්න එපා කියලා ….”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...