අප්‍රේල් වනවිට ඩොලර් ප්‍රශ්නය අවසන් – බැසිල් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සහතික වෙයි

Date:

මේ වනවිට රට අර්බුද ගණනාවකට මුහුණදෙමින් සිටී. බොහෝ ප්‍රශ්නවලට හේතුව රට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදයයි.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන, ගෑස්, සිමෙන්ති සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට දැඩිලෙස බාධා සිදුව ඇති අතර මේ නිසා බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ජනතාවට දිනපතා පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඉතා ඉක්මනින් ඩොලර් අර්බුදය විසඳෙනු ඇති බවයි. අප්‍රේල් මාසය වනවිට ඩොලර් අර්බුදය විසඳන බවත්, ඒ සම්බන්ධයෙන් තමාට සහතිකයක් ලබාදිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

ඩොලර් අර්බුදය අවසන් වූ වහාම ඉන්ධන, ගෑස්, ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු දේ ප්‍රමාණවත් පරිදි ආනයනය කිරීමට හැකිවනු ඇති බවත්, තමන් පිළිබඳව පූර්ණ විස්වාසය තබන ලෙසත් ඇමතිවරයා පවසා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...