අපේ කාලේ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා, පෙට්‍රලුත් තිබුණා – රනිල්ගෙන් කබ්‍රාල්ට දැඩි පිළිතුරක් (VIDEO)

අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.

“මම කරුණක් පැහැදිලි කරන්නම්, මේ සමුළුව පැවැත්වෙන්නේ ශ්‍රීලනිපයේ ඉල්ලීම උඩ, ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල මැතිතුමා මුණගැහිලා කිව්වා මේකට එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා, ඒ නිසා ආවා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නෙ මේ රටේ තියෙන උඝ්ර ප්‍රශ්නය නිසා. මෙතනදී අපි ආවෙ නෑ ආපහු පක්ෂ දේශපාලනයේදී කවුද වගකියන්නෙ කියලා ඒවා කරන්න. මහබැංකුවෙ අධිපතිතුමා කිව්ව හැටියට පටු දේශපාලනයට ආවෙ නෑ. ඒත් මම කණගාටු වෙනවා එතුමා පටන් ගත්තෙම මේක ගිය ආණ්ඩුවෙ වැරැද්දක් කියලා. මං ඒකට පිළිතුරු දුන්නොත් ? එතකොට මොකක්ද වෙන්නෙ ? ඊළඟට ආයෙ පිළිතුරු දෙනවානෙ ? ඉතින් අන්තිමට ඉවර වෙන්නෙ විජය රජ්ජුරුවො මේ ලංකාවට ආවෙ නැත්නම් මේ ප්‍රශ්නෙ තියන්නෙ නෑ කියලානෙ. ඕකයි වෙන්නෙ. ඉතින් මොනවාටද අපි එතෙන්ට යන්නෙ ? ඉතින් මම මේ ගැන කියන්නෙ එක කාරණයක් විතරයි. අපි වෙන ප්‍රතිපත්තියක් ගියේ, ඒ කාලෙ මිනිස්සුන්ට කන්න තිබුණා, බොන්න තිබුණා, පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්නෙ නෑ”

ඒ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉතාම සුහද ලෙස ප්‍රකාශ කළේ මහබැංකු අධිපතිවරයාගේ කතාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සිත් රිදීමක් සිදුවූයේ නම් තමන් ඒ පිළිබඳව සමාව ඉල්ලන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...