අපේ කාලේ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා, පෙට්‍රලුත් තිබුණා – රනිල්ගෙන් කබ්‍රාල්ට දැඩි පිළිතුරක් (VIDEO)

Date:

අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.

“මම කරුණක් පැහැදිලි කරන්නම්, මේ සමුළුව පැවැත්වෙන්නේ ශ්‍රීලනිපයේ ඉල්ලීම උඩ, ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල මැතිතුමා මුණගැහිලා කිව්වා මේකට එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා, ඒ නිසා ආවා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නෙ මේ රටේ තියෙන උඝ්ර ප්‍රශ්නය නිසා. මෙතනදී අපි ආවෙ නෑ ආපහු පක්ෂ දේශපාලනයේදී කවුද වගකියන්නෙ කියලා ඒවා කරන්න. මහබැංකුවෙ අධිපතිතුමා කිව්ව හැටියට පටු දේශපාලනයට ආවෙ නෑ. ඒත් මම කණගාටු වෙනවා එතුමා පටන් ගත්තෙම මේක ගිය ආණ්ඩුවෙ වැරැද්දක් කියලා. මං ඒකට පිළිතුරු දුන්නොත් ? එතකොට මොකක්ද වෙන්නෙ ? ඊළඟට ආයෙ පිළිතුරු දෙනවානෙ ? ඉතින් අන්තිමට ඉවර වෙන්නෙ විජය රජ්ජුරුවො මේ ලංකාවට ආවෙ නැත්නම් මේ ප්‍රශ්නෙ තියන්නෙ නෑ කියලානෙ. ඕකයි වෙන්නෙ. ඉතින් මොනවාටද අපි එතෙන්ට යන්නෙ ? ඉතින් මම මේ ගැන කියන්නෙ එක කාරණයක් විතරයි. අපි වෙන ප්‍රතිපත්තියක් ගියේ, ඒ කාලෙ මිනිස්සුන්ට කන්න තිබුණා, බොන්න තිබුණා, පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්නෙ නෑ”

ඒ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉතාම සුහද ලෙස ප්‍රකාශ කළේ මහබැංකු අධිපතිවරයාගේ කතාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සිත් රිදීමක් සිදුවූයේ නම් තමන් ඒ පිළිබඳව සමාව ඉල්ලන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...

රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා පත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : අද (09) පැවති...

Netflix-WB ගනුදෙනුව ප්‍රශ්නයක් විය හැකි බවට ට්‍රම්ප්ගෙන් මැසිවිලි!

සටහන – පුලී දෙසැම්බර් 09, කොළඹ (LNW): වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි...