මුජින්ගා, ලෝක ගෘහස්ත සූරතා ඉතිහාසයේ දෙවන රන් පදක්කම දිනා ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 23, (LNW)කොළඹ

ස්විට්සර්ලන්තයේ මුජින්ගා කම්බුන්ජි මීටර් 60 ඉසව්වේ දෙවන ලෝක සූරතා රන් පදක්කම දිනා ගන්නට සමත් වුණා.ඇය මීට පෙර 2022 දී බේල්ග්‍රේඩ්වල පැවති ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 60 ඉසව්වද ජයගත් ක්‍රීඩිකාවයි.


මෙහි වැදගත්කම වන්නේ මේ වසරේ මේ මාසයේම මාර්තු 3 සිට 6 දක්වා නෙදර්ලන්තයේ පැවති යුරෝපීය ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 60 ඉසව්වෙන් මුජින්ගා දෙවන ස්ථානයට පත්ව තිබියදී ලෝක සූරතාවලියේදී පළමු තැනට පැමිණීමයි.නෙදර්ලන්තයේදී පළමු තැනට පැමිණි ඉතාලියේ ෂයිනාබ් දොස්සෝ දෙවන තැනට පත් කරමින් චීනයේ නැන්ජින් ලෝක සූරතාවලියේ රන් පදක්කම මුජින්ගා දිනා ගැනීමට සමත් වුණා.


නෙදර්ලන්තයේ දී ජයග්‍රහණය ලද දොස්සෝ වාර්තා කළ තත්පර 7.01 මේ වසරේ ඉදිරියෙන්ම තිබෙන කාලය වන අතර එහිදී දෙවැන්නිය වෙමින් මුජින්ගා වාර්තා කර ඇති කාලය ඇයගේ ද හොඳම කාලීන දක්ෂතාවය වෙනවා.මුජින්ගා චීනයේදී වාර්තා කළ කාලය තත්පර 7.04 ක් වන අතර දස්සෝ වාර්තා කළ කාලය තත්පර 7.06 කි.


මුජින්ගාගේ ස්විට්ස්ර්ලන්ත ජාතික වාර්තාව වන්නේ තත්පර 6.96 ක් වන අතර එය 2022 දී බෙල්ග්‍රේඩ් හී දී වාර්තා කරන්නට සමත් වුණා.මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන මුජින්ගා ගේ සැමියා වන ෆ්ලොරියන් ක්ලිවාස් වර්ථමානයේ ඇයගේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.
මෙවර ගෘහස්ත ලෝක සූරතාවලියේ දී මොන්ඩෝ ඩුප්ලන්ටිස් ද සිය රිටි පැනීමේ ඉසව්වේ ආධිපත්‍ය්‍ය තහවුරු කර ගැනීමට සමත් වූ අතර ඔහු තෙවන වරටත් ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...