2055 වෙද්දී වෙන්න ඕනි දේ රනිල් කියයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ (LNW):

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , විද්‍යුත් නාලිකා සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් විශේෂ ඉල්ලීමක් කර සිටියේය. ඒ වර්ෂ 2055 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ළඟා කර ගැනීමේ ඉලක්කය අනුගමනය කරන ලෙසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා සිටියේ, ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කළ යුතු බවයි.

සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

” ශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතුයි.2022-24 මගේ ධුර කාලය තුළ දකුණු ඉන්දියාව කෙරෙහි අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතා යන ක්ෂේත්‍ර ඇතුළුව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාවයට අදාල  මාර්ග කිහිපයක්ම ගවේෂණය කළා.
 මන්නාරමේ අදානි සමාගමේ  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වනවා.

අදාළ පාර්ශවකරුවන් ,ඉන්දීය ආයෝජකයින් ඇතුළු ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාවලිය මගින්  දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් ද? අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා මෙය බාධාවක් වනු ඇති.ඒ ගැන මගේ කනස්සල්ල පළ කරනවා. මගේ රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා “


තවද ශ්‍රී ලංකාව සඳහා ඇති එකම විකල්පය IMF වැඩසටහන දැයි ප්‍රශ්න කෙරුණු  විට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව IMF සහතිකයක් මත රඳා පවතින බව හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා කියා සිටියේය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...