සමාජ ශාලා ගැටුමේ කොණක යෝෂිතත් : පොලිස් පරීක්ෂණ ඇරඹේ

Date:

රෂිකා හෙන්නායක මාර්තු 23, කොළඹ (LNW):

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සමග පැමිණි සැකකරුවන් තිදෙනෙකු බව හඳුනාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරික්ෂණ ක්‍රියාත්මක බව, පොලීසිය සඳහන් කළේය.

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, අදාළ රාත්‍රි සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වන අතර, තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...